බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

රට ගොස් දුක් විඳින බිරිය  යළි ගෙන්වා ගන්න සිය  වකුගඩුවක් ගලවා දි මිලක් හොයන තරුණ තාත්තා… මේ තමයි අපි ඉන්න රට!

by editor
මාර්තු 19, 2024
in ජීවිතය
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

ස්ථිර නිවසක් ඉදිකර ගැනීමට සහ දරුවන්ට අධ්‍යාපන කටයුතු ලබාදීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමේ අරමුණින් මීට මාස තුනකට ඉහතදී,කුවේට් ගෘහ සේවයට ගොස් සිටිදි හදිසි අනතුරකට ලක්ව   වී සිටින තම බිරිය ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටින රුපියල් ලක්‍ෂ හය හමාරක මුදල සොයා ගැනීමට නොහැකිව, තම වකුගඩුවක් රුපියල්  ලක්ෂ පහළොවකට මිල කර බිරිඳ ගෙන්නා ගැනීමට කටයුතු කරන ස්වාමියෙකු පිළිබඳව දිඹුලාගල මනම්පිටිය මහවැව ගම්මානයෙන් අපට අසන්නට ලැබිණි.

දරු තිදෙනා සහ ඒ තාත්තා…

තමන්ගේ  බිරිය වන එච්.එච්. සෙව්වන්දි මහේෂිකා ජයවීර   යළි රටට ගෙන්වා ගැනීමට මෙම තීන්දුව ගෙන ඇත්තේ   මනම්පිටිය මහවැව කොළකනාවාඩිය ලිපිනයේ පදිංචි 28 වියති ඒ.එම්. ඉෂාර සරච්චන්ද්‍ර නැමති තරුණ තිදරු පියෙකි.

බිරිය සිය රටට ගෙන්වා ගැනිමට  වකුගඩුව පරිත්‍යාග කිරීම සඳහා  අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින මේ තරුණ පියා හමුවීමට ගියෙමි. ඔහු කීවේ මෙවැනි කතාවකි.

ඔහුගේ බිරිද  2023 දෙසැම්බර් 20 වෙනිදා කුවේට් රටේ ගෘහ සේවයට කුරුණෑගල ඒජන්සියක් මගින් පිටව ගොස් තිබිණි.  ඇය එරටේ නිවසේ සේවය කරමින් සිටියදී අනපේක්ෂිත හදිසි අනතුරකට මුහුණ දී ඇත. ඒ    හේතුවෙන් මේ වනවිට වැඩකර ගැනීමට අපහසු මට්ටමට ඇය ආබාධිත ය. එවැනි තත්ත්වයක සිටියදීත් ඇයට වද දෙමින් වැඩ ගන්නා බවත් නිසි ආහාරයක් ලබා නොදෙන බවත් ඒ තරුණ සැමියා අපට කීවේය.

මේ තාත්තා පවතින තත්ත්වය තුළ දරුවන්ගේ මව යළි රටට  ගෙන්වා ගැනීම සඳහා 2024 ජනවාරි 02 සීඩී / 005/24/02 අංකය යටතේ කොළඹ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් යොමු කර තිබිණි. ඇය ගෙන්වා ගැනීමට නම් රුපියල් ලක්ෂ හය හමාරක මුදලක් අවශ්‍ය බව  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්   ඉෂාර සරච්චන්ද්‍ර ට පවසා ඇත.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

සෙව්වන්දි…

විදේශගතව සිටින සෙව්වන්දි මහේෂිකා ජයවීරට සහ ඉෂාර සරච්චන්ද්‍රට  අවුරුදු 11 ගැහැනු දරුවකු,   අවුරුදු 9 සහ අවුරුදු 3 ක පිරිමි ළමුන් දෙදෙනකු වෙති.     දියණිය සෙවනපිටිය මහ විද්‍යාලයේ 6 වසරේ සහ  පුතා 4 වසරේ   අධ්‍යාපනය ලබයි. දරුවන් මේ වනවිට සෙව්වන්දිගේ   මව වන 49 වියති එම්.එච්. ධම්මිකා විජේසිංහ  ලඟ හැදී වැඩෙයි.

යකඩ බාල්දි, සහ යකඩ පෝරු, නිෂ්පාදනය කරමින් ජීවිතය ගැට ගහගන්නා ඉෂාර සරච්චන්ද්‍රට ලක්ෂ හයහමාරක මුදලක් උපයා ගැනීම හීනයකි.  උකසට තබන්නට හෝ වත්කමක් මේ මිනිසාට නැත.   එම මුදල උපයා ගැනීමටත් ඔහුගේ බිරිඳ රට යෑම සඳහා ලබාගත් ණය මුදල් පියවා ගැනීමටත්, ඉෂාර ගෙන ඇති එකම තීරණය වී ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකුට සිය වකුගඩුවක්  ලබාදීමය. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක් පරිත්‍යාග කිරීමට වකුගඩුව ලබා ගන්නා තැනැත්තා කැමැත්ත පල කර තිබේ.

“මගේ නෝනා රට ගියේ ස්ථිර ගෙයක් හදාගෙන දරුවන්ට උගන්වා ගන්න ඕන කරන සල්ලි සොයා ගන්න. නමුත් ගියාට පස්සේ එයා බාත්රූම් එකෙන් වැටිලා ආබාධයට ලක් වුනා.    ඒ ගෙදර අය බෙහෙත්වත් අරන් දෙන්නේ නෑ. මෙහෙන් යනකොට අරන් ගිය බෙහෙත් තමයි එයා පාවිච්චි කරන්නේ. එයාට කන්න බොන්නවත් හරියට දෙන්නෙ නෑ. මගේ නෝනා ඔය ඉන්නේ දෙවෙනි ගෙදර. මම මේ පිළිබඳ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ගිහිල්ලා පැමිණිල්ලක් කලාට පස්සේ එයා ගෙන්වා ගන්න    රුපියල් ලක්ෂය හමාරක වියදමක් යනවා කිව්වා,

ඉෂාර…

ඒ වගේම ඒ රටේ ගෙදරින් ඒජන්සියට දුන්න කියන ඩිනාර් දාහක්, ඒ කියන්නේ ලංකා මුදලින් රුපියල් ලක්ෂ දහයක මුදලක් ඕනෙ කියල කියනවා. ඒ සල්ලි හොයාගන්න විදිහක් නෑ. මම බාල්දි හදලා තමයි ද රුවන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ආහාර සහ අනෙකුත් පහසුකම් ලබාදෙන්නේ,  බැරිම තැන තමයි  මගේ වකුගඩුව පරිත්‍යාග කරන්න තීරණය කළා. ඒ වෙනුවෙන් මට රුපියල් ලක්ෂ පහළොවක් ප්‍රදානය කරන්න මහනුවර කෙනෙක් කැමති වුනා. දැන් මට තියෙන්නේ එච්.එල්.ඒ. රිපොර්ට් එක ගන්න විතරයි.   ඉෂාර සරච්චන්ද්‍ර   සිය කාව එලෙස අවසන් කළේය.

අප විදේශවා නියුක්ති කාර්යාංශයේ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු එච්.එම්. සුනිල්  ගෙන් මේ පිළිබඳව දුරකථනයෙන් කළ විමසීමකදි සඳහන් කළේ, සෙව්වන්දිගේ ස්වාමියා වන ඉෂාර පැමිණිලි කර ඇත්තේ බිරිඳ සේවය කරන ස්ථානය මාරු කර දෙන ලෙසත්, ඒ අනුව බිරිඳ විට වෙනත් නිවසක සේවය කරන බවත්ය.

ඇය රෝගී වී ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීමට අවශ්‍ය කටයුතු කරන බවත් ඔහු කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඒ තීන්දුව?…  අධිකරණ තීන්දු 8ක් කඩකර පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරයේ පොංගල් කළ  පූසාරි ඇතුළු පිරිස වව්නියාව අධිකරණය නිදොස් කොට නිදහස් කරයි…

Next Post

කෝප් සභාපතිකමට පත් වූ  රත්තරන්ට දිගින් දිගටම විරෝධය… හත්වන කෝප් කමිටු සාමාජිකයාත් ඉල්ලා අස් වෙයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.