අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ගුරු වෘත්තීය අරගලය ජයග්‍රහණයෙන් නිමා කරගන්නවත් සමහරු කැමති නෑ…  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි.

by editor
ඔක්තෝබර් 8, 2021
in ජීවිතය
Muruththettuwe-Ananda
Share on FacebookShare on Twitter

ගුරු විදුහල්පති අරගලය නිසා ඉතාම අහිතකර දිශාවකට ගමන් කරමින් ඇත.  රජය මෙන්ම ගුරු සංගම්ද අනම්‍යශීලී කර්කශ හැසිරීමක් ප්‍රකට කරමින් සිටිති. මේ අවස්ථාවේදී අත්දැකීම් බහුල වෘත්තීය සමිති නායකයෙක් ලෙස  රටේ තීරණාත්මක දේශපාල මැදිහත්වීම් ගණනාවකට නායකත්වය දුන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අභයාරාමයේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූහ. ඒ ගුරු විදුහල්පති ගැටලුවට සාධාරණ විසඳුමක් සොයා ගැනීම සඳහාය.  එම සර්ව පාක්ෂික සමුලුවේ අත්දැකීම පිළිබඳ මුරුත්තෙට්ටුවේ ආනන්ද  හිමියෝ ලංකාසර සමග විශේෂ සංවාදයකට එක් වූහ.  මේ පෙළ ගැසෙන්නේ ඒ සංවාදයයි.

ප්‍රශ්නය – ගුරු ප්‍රශ්නයට විසඳුම් ලබා දීම සදහා සර්ව පාර්ශ්වීය සමුළුවක්  ඔබ වහන්සේ කැදෙව්වේ ඇයි?

පිළිතුර – ගුරු විදුහල්පතිවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ගණනාවක් හා දේශපාලන පක්ෂ නායකයින් ගණනාවක්ම මගෙන් ඉල්ලීම් කළා මේ ප්‍රශ්නය විසඳා දෙන්න මැදිහත් වෙන්න කියලා. ඔවුන්ගේ ඉල්ලීමට අනුව තමයි මම ඉදිරිපත් වුණේ. 

ප්‍රශ්නය –  මේ ගුරු විදුහල්පති ගැටලු ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

පිළිතුර –  ඉක්මනින් විසඳුමක් ලබා දිය යුතු වෘත්තීය ගැටලුවක් හැටියටයි මම මෙය දකින්නේ. මොකද අපේ රටේ මේ වෘත්තීය සමිති අරගලය තව තවත් ඉදිරියට ඇදෙනවා කියන්නේ අපේ දරුවන්ට බරපතල අසාධාරණයක් සිදුවෙනවා කියන එකයි. දරුවන්ට නිසි වයසේදී නිසි අධ්‍යාපනය ලැබුණේ නැතිනම් අනාගතයේදී අපේ රටේ මෝඩයෝ හුඟාක් බෝවෙයි. ඒ නිසා මේ අවාසනාවන්ත තත්ත්වයෙන් අපේ දරුවන්ව බේරාගැනීමට කටයුතු කිරීම අප කාගේත් වගකීමක් කොට සලකා තමයි මම මේ ප්‍රශ්නයට මැදිහත් වුණේ.  

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රශ්නය – සර්ව පාර්ශ්වික සමුළුවට ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සියල්ලම සහභාගි වුණාද?

පිළිතුර – ජෝසප් ස්ටාර්ලින් සහ මහින්ද ජයසිංහ කියන මහත්වරුන් දෙපල සහභාගි වුණේ නැහැ.  

ප්‍රශ්නය – ජොසප් ස්ටාර්ලින්  සහ මහින්ද ජයසිංහ කියන්නේ  ගුරු විදුහල්පතිවරුන් නියෝජනය කරන ප්‍රධාන වෘත්තීය සමිති දෙකක්. මේ අය සර්ව පාර්ශ්වික සමුළුවට සහභාගි නොවුණ බව කියවෙන්නේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා ගන්න බැහැ කියන එක නේද?

පිළිතුර – මෙවැනි ප්‍රශ්නයකදී අපි හැම විටම නම්‍යශීලි විය යුතුයි. මොකද ගුරුවරුන්ගේ මේ වෘත්තීය ඉල්ලීම් හේතුවෙන් තැලෙන්නේ   රටේ දරු පරපුර. මෙතැනදි ආණ්ඩුවත් වෘත්තීය සමිතිත් යන දෙපාර්ශ්වයම නම්‍යශීලී විය යුතුයි.

ප්‍රශ්නය – සර්ව පාර්ශ්වික සමුළුවට සහභාගි නොවූ වෘත්තීය සමිති නැවත කැඳවා ගැනීමට යම් උත්සහයක් දරනවාද?

පිළිතුර – නාරාහේන්පිට අභයා රාමය කියන්නේ වෘත්තීය අරගලවලට පණ දුන් පූජා භූමියක්. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්න කාලේ ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයින්  කිසිදු ආණ්ඩුවකට ලබා දිය ‌නොහැකි ඉල්ලීම් ඉල්ලුවා. ඒ වෙලාවේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා  මට කථා කරලා කිව්වා ජනතා විමුක්තිපෙරමුණෙ නායකයින් කැඳවලා මේ ප්‍රශ්නය තේරුම් කර දෙන්න කියලා. මමයි සෝභිත හාමුදුරුවොයි එදා ඒ කාර්ය භාර ගත්තා. ඒ නිසා මම අදටත් කියන්නේ නම්‍යශීලී නොවන වෘත්තීයසමිති සිටිනවා නම් ඒ අයට කරුණු කාරණ මුලින් පහදා දිය යුතුයි. ආණ්ඩුවත් නම්‍යශීලීව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා.

ප්‍රශ්නය – ඔබ වහන්සේ විශ්වාස කරනවාද සර්ව පාර්ශ්වික සමුළුව හරහා සියලුම වෘත්තීය සමිති නායකයින් දේශපාලන පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡා කිරීමෙන්   මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලැබෙයි කියලා.

පි‍ළිතුර –  මට විශ්වාසයක් තියෙනවා ප්‍රශ්නය  සංකීර්ණ නොකර විසඳා ගතහැකි මාර්ගයෙන් වෘත්තීය ඉල්ලීම්  ඉල්ලනවා නම් මෙය ජයග්‍රහණය කළ හැකියි. සමහරුන්ට මෙය ජයග්‍රහණය කිරීමට කිසිම උවමානාවක්න  නැහැ. ඔවුන්ට ඕනේ මේක තවත් ඉදිරියට අරගෙන යන්නයි.  

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උතුරට නව ආණ්ඩුකාරවරයෙක්…

Next Post

පක්ෂය මගේ… මා අස්කරන්නේ කොහොම ද?. ඩයනා අසයි!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.