fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ගැහැණුන්ට කළ නොහැක්කක් නොමැත

වසර 2ක් ago
in ජීවිතය
444 4
0
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

සටන් කලාව එහෙමත් නැතිනම් මාෂල් ආට්ස්  කියන්නේ ත්‍රාසජනක ක්‍රීඩාවක් බව කවුරුත් දන්නවා. මිශ්‍ර සටන් කලාව ඊටත් වඩා භයානකයි. ත්‍රාසජනකයි.  මිශ්‍ර සටන් කලාව ‘කික් බොක්සිං‘ නමිනුත් හඳුන්වනවා. බොක්සිං අත්වැසුම් පැලඳ බොක්සිං වළල්ලක ක්‍රීඩා කළත් ඕනෑම මොහොතක ප්‍රතිවාදියාගේ හකු පාඩා පුපුරුවා දමන වේගවත් පා පහරවල් එල්ල කෙරෙන මිශ්‍ර සටන් කලාව ගැහැනුන් කොහොමද ගැළපෙන්නේ…? 

ඊට හොඳම පිළිතුර ඊයේ පෙරේදා අමෙන්ඩා නියුන්ස් ලබා දුන්නේ ලාස් වේගාස් නුවර පැවැති මිශ්‍ර සටන් කලාවේ ( Ultimate Fighting Championship– UFC ) 250 වැනි තරගමාලාව අතරතුරදියි. 

බ්‍රසීලයේ උපන් 32 හැවිරිදි මේ අපූරු ක්‍රීඩිකාව එදා ලාස් වේගාස් නුවර මිශ්‍ර සටන් කලාවට වෙන් කළ බොක්සිං වළල්ලේදී සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව කැනඩාවේ ෆිලීෂියා ස්පෙන්සර් පරාජයට පත් කරමින් වාර්තා පිට වාර්තා තැබීමට සමත්වූයේ නරඹන්නන්ගෙන් තොරව පැවැති බොක්සිං වළල්ලේ සිය අණසක නිදහසේ පතුරුවාලමිනුයි. 

ඇය තමයි වර්තමානයේ මිශ්‍ර සටන් කලාවේ ආධිපත්‍ය පතුරුවාලූ විශිෂ්ටතම ක්‍රීඩිකාව. මීට පෙර මිශ්‍ර සටන් කලාවේ බැන්ටම්වේට් බර පන්තියේ ශූරතාව දිනා සිටි අමෙන්ඩා එදා ලාස් වේගාස් නුවරදී ප්‍රතිවාදී ක්‍රීඩිකාව පස්වැනි වටයේදී පරාජයට පත් කරමින ෆෙදර්වේට් බර පන්තියේ ශූරතාව දිනාගත්තේ බර පන්ති දෙකක ශූරතා දිනූ ලොව පළමු මිශ්‍ර සටන් කලා ශූරියගේ වාර්තාවත් අත්කර ගනිමිනුයි. UFC  සටන් ඉතිහාසයේ එකවර බර පන්ති දෙකකට හිමිකම් කී පළමු හා එකම ක්‍රීඩිකාවත් ඇයයි. 

 ‘ඇගේ පළමු ප්‍රහාරයෙන්ම මම දැනගත්තා ඇයට මා පරාජය කිරීමට නොහැකි බව‘විනිසුරුවන්ගේ ඒකමතික  තීරණයට අනුව අමෙන්ඩාට ජයග්‍රහණය හිමිකර ගැනීමත් සමග මිශ්‍ර සටන් තරග බිමේ නොම්මර එකේ ක්‍රීඩිකාව බවට පත්වූ අමෙන්ඩා තරගයෙන් පසුව එසේ කියා සිටියේ ඉමහත් ප්‍රීතියෙන් යුතුවයි.

‘මට වුවමනා කළේ වට පහක් දක්වාම තරගය ඇදගෙන යාමටයි. ඊට කළින් ඇය බිම දැමීමට මට හැකියාව තිබුණත් වට පහක් දක්වා තරගයක් ඇදගෙන යාමට මට ශක්තියක් නැති බවට ඇතැමුන් නැගූ උපහාසාත්මක චෝදනාවලට පිළිතුරු දෙන්නත් මට වුවමනා කළා.‘ ඇය එසේ කියා සිටියා.

‘මට කිසිම වෙහෙසක් දැනුණේ නෑ. මම තමයි මිශ්‍ර සටන් කලාවේ ශක්තිමත්ම ක්‍රීඩිකාව කියා ඔප්පු කරන්නත් මට වුවමනා කළා.‘

අමෙන්ඩා බැන්ටම්වේට් ශූරතාව දිනාගත්තේ 2018 වසරේ දෙසැම්බරයේ පැවැති 238 වැනි තරගමාලාවේදීයි. එදා සිට වර්තමානය දක්වා ඇගේ බැන්ටම්වේට් කිරුළට අභියෝග කිරීමට තරම් හැකියාවක් ඇති ක්‍රීඩිකාවක් සිටියේ නෑ. 

‘මම කළේ මීට කළින් කවුරුවත් නොකළ දෙයක්. මම තමයි මේ බොක්සිං වළල්ලේ විශිෂ්ටතම ක්‍රීඩිකාව. මට වට 6ක් දක්වා තරග කිරීමට තරම් ශක්තියක් තියෙනවා.‘ ඇය දැන් එසේ කියනවා.

බ්‍රසීලයේ ඉතා කුඩා ගම්මානය උපත ලැබූ අමෙන්ඩා අවුරුදු 4දී කරාතේ ක්‍රීඩාව ප්‍රගුණ කිරීමට පටන් ගත් අතර බොක්සිං ක්‍රීඩාවට සේන්දු වූයේ අවුරුදු 16දියි. නමුත් ඇයට තරග කිරීමට තරම් වුවමනාවක් එකළ තිබුණේ නෑ. ඇය සටන් කලාව ප්‍රගුණ කළේ විනෝදයට වගේ. ඒත් මුලින්ම බ්‍රසීලයේ ජියු ජිට්සූ සටන් කලාවේ තරගාවලියකට ක්‍රීඩා කළ ඇයට ඩෝජෝ සටන් කලාවට පිවිසෙන ලෙස ඇරියුම් කළේ ඇගේම සොයුරිය විසිනුයි. ඇගේ සොයුරිය ඩෝජෝ සටන් කලාවේ විශිෂ්ට දස්කම් පෙන්වමිනුයි සිටියේ. 

පසුකාලෙක අමෙරිකාවේ නිව් ජර්සි නුවර පදිංචියට ගිය අමෙන්ඩා සටන් කලාව සඳහා වෙන්වූ එක්තරා ක්‍රීඩා සමාජයට බැඳී තව දුරටත් සිය දස්කම් මුවහත් කරගැනීමෙන් පසුව මයාමි නුවරට සේන්දු වුණා. මිශ්‍ර සටන් කලාවට ඇය පිවිසියේ මයාමි නුවරදීයි. 

සිය පළමු මිශ්‍ර සටන් කලා තරගමාලාවේදී තත්පර 14ක් ඇතුළත ප්‍රතිවාදී ක්‍රීඩිකාව බිම හෙළමින් තමා සියලුම ක්‍රීඩිකාවන්ට අභියෝගයක් බව පෙන්නුම් කළ අමෙන්ඩා ඉන් අනතුරුව සටන් කළේ දැඩි ජයග්‍රහණ පිපාසයකින් යුතුවයි.

ඇය ඉන් අනතුරුව මිශ්‍ර සටන් කලා තරග බිමේ බැන්ටම්වේට් බර පන්තියේ ශූරතා 5ක් දිනාගැනීමට සමත්වූ අතර එම සටන් කලාවේ වැඩිම ජයග්‍රහණ හිමිකරගත් ක්‍රීඩිකාව බවටත් පත්වුණා. මීට අමතරව එම තරග ඉසව්වේ වැඩිම වාර ගණනක් ප්‍රතිවාදී ක්‍රීඩිකාව ‘නොකවුට්‘ ක්‍රමයට පරාජය කළ ක්‍රීඩිකාව ලෙසත් ඇය වාර්තාපොතට එක්වුණා.මේ අසමසම දස්කම් හේතුවෙන් මිශ්‍ර සටන් කලා තරග බිමේ සිංහ ධේනුව නමින් කාගෙත් ආදරයට පාත්‍ර වූ අමෙන්ඩා 2018 සහ 2019 වසර 2දිම මිශ්‍ර සටන් කලාවේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි සම්මානත් දිනාගත්තා. 

මේ දක්වා තරග 24කට ක්‍රීඩා කර ඇති අමෙන්ඩා පරාජයට පත්වූයේ තරග 4කින් පමණයි. ඇය ජයගත් තරග 20කින් තර 13ක්ම නිමාවට පත්වුණේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව ‘නොකවුට්‘ කිරීමෙනුයි. 

ඇය විවාහ වී සිටින්නේ කාන්තා මිශ්‍ර සටන් කලාවේ ස්ට්‍රෝවේට් බර පන්තියෙන් තරග වදින 34 හැවිරිදි නීනා අන්සාරොෆ් සමගයි.  සමරිසි විවාහය ඇගේ සටන් කලා ජීවිතය තවත් ශක්තිමත් කළ බවයි අමෙන්ඩා කියන්නේ. අඩි පහකුත්, අඟල් අටක් උසැති හැඩි දැඩි සිරුරකින් යුතු අමෙන්ඩා සිය සටන් කලා ජීවිතය වගේම විවාහ ජීවිතයත් ඉතා සාර්ථකව ගත කරන බවයි වාර්තා වෙන්නේ.

බ්‍රසීලයේ ජියු ජිට්සූ සටන් කලාවේ කළුපටි ලාභිනයක් වගේම ජූඩෝ සටන් කලාවේ දුඹුරු පටි ලාභිනියක වන අමෙන්ඩාගේ එකම සිහිනය බවට පත්වී ඇත්තේ මිශ්‍ර සටන් කලාවේ ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රීඩිකාව ලෙස සිය නාමය රන් අකුරින් ලියා තැබීමයි. 

සම්ප්‍රදායික කාන්තාවගේ මුළුතැන්ගෙයි භූමිකාව අභියෝගයකට ලක් කරන මේ අපූරු ක්‍රීඩිකාව නිතර නිතර අසන පැණය වන්නේ ‘ගැහැනුන්ට මොනවද කරන්න බැරි…?‘ කියලයි.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

කට වරද්දා ගත් පී.එච්.අයි ට වැඩ වරදින ලකුණු

Next Post

දේශපාලනයේ අවිචාරයන් ගැන මහා සංඝයාගේ අදහස අහන්න එපා

Related Posts

Coronavirus COVID-19 single dose small vials and multi dose in scientist hands concept. Research for new novel corona virus immunization drug.

කොවිඩ් බියක් නැතිවිට නුවර පාසල් දරුවන්ට කොවිඩ් කාලයේත් නැති කොවිඩ් එන්නත් මොකටද?…

මැයි 24, 2022
අරුණි විජේවර්ධන

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022

පෙර හෙළ රජ කල සිට පැවතෙන  වෙසක් සිරිත…

මැයි 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්
  • සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්
  • සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!
  • 21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

    218 shares
    Share 87 Tweet 55
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක්! – මුදල් ඇමති රනිල් කියයි…

    288 shares
    Share 115 Tweet 72
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52
  • ඩොලර් සංචිත හින්දවා රට බංකොලොත් කළ හැටි මුදල් මණ්ඩල සාමාජිකාවක් කෝප් කමිටුවේ දී හෙළි කරයි! ( වීඩියෝ සහිතයි)

    260 shares
    Share 104 Tweet 65

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජම්මු කාශ්මීර ගොවීන් තාක්ෂණික ගොවිතැනට

ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

by Lankasara News
මැයි 28, 2022
0

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමට සමූහයක්...

Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

by Lankasara News
මැයි 27, 2022
0

ග්‍රාමීය ප්‍රදේශයක් වන ජබල්පූර් හි කාන්තාවන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist