බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

සම්මානය භාර දුන් සුජාතා අලහකෝන් ලංකාසරට කී කතාව

by editor
නොවැම්බර් 14, 2020
in කලා
Share on FacebookShare on Twitter

සුජාතා අලහකෝන් සිය සම්මානය යළි භාර දුන්නාය. සම්මානයත් සමග තමන්ට ප්‍රදානය කළ ලක්ෂ දෙකහමාරක මුදලත් සංවිධායකයන් වෙත යැව්වාය.

සම්මාන ලැබූ සිය නිර්මාණයේ කොටස් ඇය වෙනත් කෘති වලින් උපුටාගෙන තිබුණු බව සාධක සහිතවම සනාථ විය. සම්මානය ප්‍රදානය කළ විනිසුරු මඩුල්ලේ සිට සියල්ලන්ගේම පැටිකිරිය හෙළි කරමින් මහා ගිනි විජ්ජුම්රබයක් පහුගිය දින කීපය පුරාම පත්තු උනේය.

ඒ හා හෝවේ හඬ යන්තම් මැකී යන්නට දී චෝදනාවට හා ගර්හාවට ලක් වූ සුජාතා අලහකෝන් ඇමතුවෙමු.

ඒ සාහිත්‍යකරණයේ දී සිදුවිය හැකි ගර්හිතම සිදුවීමක් අවසානයේ දී තමන් ලැබූ සම්මානය භාර දුන් පසු සියල්ල නිමා වනබව අප විශ්වාස කරන නිසා නොවේ.   සුජාතා අලහකෝන් කියන කතාවටත් සාධාරණ ඉඩක් ලැබිය යුතු නිසාය. එය නෑසූ ලෙසින් සිටින්නට තරම් සාහිත්‍ය සමාජයක් මුග්ධ විය යුතු නැති නිසාය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

සම්මානය භාර දුන් සුජාතාට කියන්නට ඇති කතාව වෙනුවෙන්  ලංකාසර ඉඩ හසර වෙන් කරන්නේ එබැවිනි.

“ මේ වරද මං කළා කියන තැන ඉඳන්ම කතා කරමු. එතකොට මේක තේරුම් ගන්න පහසුයි.

මුලින්ම ඔබට කියන්න ඕන මේ පොත මා ලියන්නෙ ඇයි කියන කතාව. කිසිසේත්ම මේක සම්මාන අභිලාෂයකින් ලියපු පොතක් නෙවෙයි. මේ පොත ලියන්න පාදක වන නිමිත්ත මම මුලින්ම කියන්නම්.

මා හොඳින්ම දන්න ළමා නිවාසයක් තිබුණා. මේ ළමා නිවාසයෙ පිටතින් පෙණුන විදිහට ඉතාම ශික්ෂිත තැනක්. පාලක මණ්ඩලයේ හිටියෙ සමාජයේ බොහොම කීර්තිමත් ජීවිතයෙ සැඳෑ සමය ගතකරමින් හිටිය ප්‍රභූවරු.

එක දවසක් මේ ළමා නිවාසයේ පාලිකාව ආවා. ඇවිත් කිව්වා මහා ගුජුප්සාජනක කතාවක්. ඒ කතාව මට ඉදිරිපත් කරන්නේ දරුවෙකුගෙ අත් අකුරකින් ලියවුණු ලියැවිල්ලකින්. දෙයියනේ ඒ ලියවිල්ලේ තියෙන්නෙ මේ දරුවා එක එක දවසට අර ප්‍රභූ මහල්ලො ටික  එකතු වෙලා දූෂණය කරලා තියන විදිහ. එකා කරපු අශික්ෂිත වැඩ ඒ දරුවා පියවරින් පියවර ලියලා තිබුණා.

මම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් විදිහට මේ ලියවිල්ල මුල් කරගෙන රටේ සෑම වගකිව යුතු  ආයතනයකටම කතා කළා. පොලිසියට කතා කළා. ගත හැකි නීතිමය පියවර ගැන සොයලා බැලුව. හැම තැනම ඉතාම ධනාත්මක කතා කිව්වත් කිසිම දෙයක් සිද්ධ වුනේ නෑ. එකම දේ වුනේ මේ හෙළිදරව්ව කළ දැරිය පාලක ප්‍රභූ මහල්ලො ටික එකතු වෙලා පන්නලා දැම්මා. ඇය යන එන මං නැතිව මහ මගට වැටුණා.“

මම මොනතරම් උත්සාහ කළත් ඒ බිහිසුණු අසාධාරණයට එරෙහිව කිසිම දෙයක් කරගන්න බැරි වුණා කියන පසුතැවීම මා තුළ තිබුණා. මෙන්න මේ වස්තු විෂය අරන් තමයි මම  මේ නිර්මාණය කළේ.

නිරමාණ අනුභූතිය සොරකම් කළා කියලා, එහි පෙළගැස්ම හරය වෙන තැනකින් හොරකම් කළා කියලා කිසිම කෙනෙක් චෝදනා කරන්නෙ නෑ. බලපු හැමෝම කතා කරලා කෘතිය ප්‍රභල නිර්මාණයක් කිව්වා. මේ කෘතියට යොවුන් සාහිත්‍ය සම්මානයක් ලැබෙන්නෙ කිසිවෙක් ස්ඵර්ශ නොකළ මානයක් අතිශය ප්‍රභලව සහ නිර්මාණාත්මකව යොවුන් නවකතාවක් ලෙස පෙළ ගැස්වීම නිසා බව ඔවුන්ගෙ හේතු පාඨවල තිබුණා.

මේ ගැටලුව ආවේ  බාහිර වර්ණනා කිහිපයක ඡේද කීපයක් යම් කෘතිවලින් උපුටා ගැනීම සම්බන්ධයෙන්.

ඇත්තටම එය මා අතින් වුණ බරපතල වැරැද්දක්. මා එය පිළිගත්තා. මා සම්මාන සහ මුදල් භාර දුන්නේ ඒ තත්වය තුළ. අනික මේ ගැටලුව මේ තරම් තීව්‍ර විදිහට මතු වෙන්නෙම මේ පොතට සම්මානයක් හිමි වුණු නිසා. ඒ වැරැද්ද වෙන්නෙත්  මා තුළ කුඩා අවධියේ සිට තිබුණු ඇබ්බැහියක් නිසා.

පුංචි සන්දියෙ පටන් මම රුවන් වැකි, යම් යම් කෘති වල මා ආකර්ෂණයට පත් කළ රසවත්  වාඛ්‍ය ඛණ්ඩ වෙනම එකතු කරනවා. මෙතනදි මා අතින් සිදු වුනේ මට කරන්නම අවශ්‍ය පරිසර වර්ණනා කිහිපයක් මට වඩා ඉහළ පරිකල්පනාවකින් යුතුව පෙළ ගැස්වා තිබූ තැන් කිහිපයකින් උපුටා ගැනීම. එය වරදක්. මා එහි මුල් නිර්මාණ අයිතියට ගරු කරලා නෑ.

ඒත් මා හිතුවෙ නෑ මේ සාහිත්‍ය සමාජය තුළ     මරණීය වරදක් කළ අපරාධකාරියක් ලෙස ගල්ගසා මරා දමන්න නියම කරයි කියලා. ඔවුන් මගේ පවුල, මගේ දේශපාලන අතීතය  විතරක් නෙමෙයි, මගේ නිර්මාණ ජීවිතයේ සමස්ථය කුඩු කරන්න පෙළ ගැහිලා හිටියා…

ෆේස් බුක් එක කියන්නෙ මට නුහුරු තැනක්. මේ සංවාදය ෆේස් බුක් හරහා යන වග මා දන්නෙත් මට කතා කරලා මගෙ හිතවතුන් කිව්වට පස්සෙ.

හරි… මගෙ අතින් වරදක් උනා. එය නිවැරදි කරන්න ඕන නම් ඒ තැන ෆේස් බුක් එක ද?.   වරදක් හෝ ප්‍රශ්නකාරි තත්වයක් විසඳගන්න සංවාදයක් ඇති කරන්න මීට සංයමයක් ඇති වේදිකාවක් සාහිත්‍ය සමාජයකට ඇත්තම නැද්ද?.

මං වරද පිළිගන්නම්. ඒත් මං මේ කෘතිය හරහා කතා කරන්න හදපු සමාජ ප්‍රස්තුතය මග හැරලා  යන්න එපා. ඒ කථිකාව මා නැතත් වෙන කවුරුන් හෝ මේ සමාජය වෙනුවෙන් පවත්වාගෙන යා යුතුයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ බැහැර කරන විදිය පරිසර පනතේ!

Next Post

බෝ වෙන සහ නොවන රෝග මඩින්න කැපවුණු හෙදියන්ට අගමැතිගෙන් මල් මිටක්…

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.