අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෝ වෙන සහ නොවන රෝග මඩින්න කැපවුණු හෙදියන්ට අගමැතිගෙන් මල් මිටක්…

by editor
නොවැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 වසංගතය වැනි බෝ වන රෝග  මෙන්ම දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලින් ශ්‍රි ලාංකිකයින් මුදා ගැනීමට හෙද හෙදියන් දක්වන විශිෂ්ට කැපවීම අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  නොවැම්බර් 14 දා එනම් අදට  යෙදෙන දියවැඩියා දිනය නිමිත්තෙන් පනිඩිවඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ වර්තමානයේ දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් මුහුණ  දෙන අභියෝග අවම කර ගැනීම ඔවුන්ට උපකාර කිරීමට හෙදියන්ට කුසලතා ඇති කිරීම සහ උසස් අධ්‍යාපනයක් ලබා දීම රජය අදහස් කර ඇති බවය.

අග්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයේ තවදුරටත් මෙසේද දැක්වේ.  

“මුළු ලොවම කොවිඩ්-19 වයිරසය පිළිබඳව අවධානය යොමුකර සිටියදී වුවද ලෝක දියවැඩියා දිනය යෙදෙන අද දිනයේ අප රටේ සියලු ජනතාව දියවැඩියාව රෝගය සම්බන්ධයෙන්ද දැනුවත් වීම අතිශය වැදගත් බව මම තරයේ විශ්වාස කරමි.

2006 දී එක්සත් ජාතීන්ගේ 61/225 යෝජනාව සම්මතවීමෙන් එතැන් පටන් සෑම වසරකම නොවැම්බර් 14 දා ලෝක දියවැඩියා දිනය ලෙස නම් වූ අතර, 1922 දී චාල්ස් බෙස්ට් සමඟ ඉන්සියුලින් සොයා ගත් ශ්‍රීමත් ෆෙඩ්‍රික් බැංටින්ගේ උපන් දිනය වන නොවැම්බර් 14 දින ලෝක දියවැඩියා දිනය සමරනු ලබයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2020 ලෝක දියවැඩියා දිනය සඳහා තේමාව වී ඇත්තේ “හෙදිය සහ දියවැඩියාව” යන්නයි. දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින්ට උපකාර කිරීමේදී හෙදියන් විසින් ඉටු කරනු ලබන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව දැනුවත් කිරීම මෙවර ලෝක දියවැඩියා දිනයේ මූලික අරමුණ වී තිබේ. ඒ සඳහා රටවල් 160 කට අධික සාමාජිකත්වයකින් යුතු අන්තර්ජාතික දියවැඩියා සම්මේලනය පෙරමුණ ගෙන ඇති අතර ඔවුන්  දියවැඩියාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක, ගෝලීය මට්ටමේ ඇති වැදගත්ම සංවිධානයයි.

සාමාජිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිවල තිරසර සංවර්ධනයට සමගාමීව දියවැඩියාව වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ රැකබලා ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමට මෙම සංවිධානය ගන්නා උත්සාහයට ශ්‍රී ලංකාවේ සහය නිතැතින්ම හිමිවන බව මම විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරමි.

පසුගිය දශකය තුළ දියවැඩියා රෝගය අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල වේගයෙන් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාව තුළ ද දියවැඩියා තත්ත්වය දිනෙන් දින ඉහළ යන බවක් පෙන්වයි. වැඩිහිටියන් පමණක් නොව තරුණ තරුණියන් සහ කුඩා දරුවන් පවා දියවැඩියාව රෝගයට ගොඳුරු වෙයි.

එසේම කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම සදහා මෙන්ම මෙවැනි බෝ නොවන රෝගවලින් ශ්‍රි ලාංකිකයින් මුදා ගැනීමට හෙද හෙදියන් දක්වන විශිෂ්ට කැපවීම අගය කරමි. දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් අභියෝග රැසකට මුහුණ දෙන අතර ඔවුන්ට උපකාර කිරීමට හෙදියන්ට කුසලතා ඇති කිරීම සහ උසස් අධ්‍යාපනයක් ලබා දීම රජය අදහස් කර ඇත.

දැනටමත් දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබාගෙන රෝගය පාලනය කරගැනීමටත්, දියවැඩියාව අවදානමේ පසුවන සියලු දෙනාට ඒ පිළිබදව සැලකිලිමත්වීමටත් අද දිනයේ කෙරෙන රජයේ දැනුවත්වීම් උපයෝගී කරගන්නැයි ඉල්ලා සිටිමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සම්මානය භාර දුන් සුජාතා අලහකෝන් ලංකාසරට කී කතාව

Next Post

මැතිසබේට නැතිවම බැරි යයි බැසිල්ට ලියු මන්ත්‍රිවරුන් 19 දෙනා මෙන්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.