කොවිඩ්-19 වෛරසය වැළඳී මිය යන පුද්ගලයින්ගේ සිරුරු අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කරන ආකාරයට බැහැර කරන්නැයි රජය දැනුවත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලිපියක් යවා තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් මළසිරුරු අන්තරාකාරී අපද්‍රව්‍යක් වන බැවින් එවැනි අපද්‍රව්‍ය විනාශ කරන ආකාරය පරිසර පනතේ සදහන්ව ඇති බවත් මෙම මරණ පිළිබඳව ද එම නීතිය යටතේ කටයුතු කළ යුතු බවයි.
එම සංවිධානය අවධාරණය කර ඇත්තේ පරිසර පනත උල්ලංඝණය වන ආකරයට අන්තරාකාරී අපද්‍රව්‍ය බැහැර කිරීමට රජය කටයුතු කලහොත් මධ්‍යම පරිසර අධිකාරියට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ වන විට කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධමතවාද ඇතිවෙමින් පවතී.
ඒ පිළිබද තීරණයක් ගැනීමට රජය සූදානම් වන බවක් ද පෙනෙන්නට ඇත.