-
හතරදෙනාම සංගීත ක්ෂේත්රයේ අයිතිවාසිකම් රකින්න හැදූ ඔස්කා ආයතනයේ අධයක්ෂවරු
-
අධ්යක්ෂවරු දෙන්නෙකුගෙ බුද්ධිමය දේපල අධ්යක්ෂවරු දෙන්නෙක්ම කොල්ල කාලා…
භාතිය ජයකොඩි හා සංතුෂ් වීරමන් විසින් ස්වකීය බුද්ධිමය දේපළ පහැර ගැනීමේ බරපතල අවනීතියට එරෙහිව ක්‍රියාත්මක වූ දියාරු ආකාරයට විරෝධය දක්වා ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහ හා ප්‍රවීණ ගීත රචක මහචාර්ය සුනිල් ආරියරත්න ආචර්ය ජයන්ත ධරමදාසගේ සභාපතිත්වයෙන් යුතු ඔස්කා සංවිධානයේ තමන් දරන අධ්යක්ෂ ධූරවලින් ඉල්ලා අස් වී තිබේ.
ඔස්කා සංවිධානය යනු මෙරට ගායක ගායිකාවන්, සංගීතඥයන්, ගීත රචකයන්, රැසක් නියෝජයන කරන ප්‍රමුඛතම සංවිධානය ය.
ප්‍රවීන ගීත රචක මහාචාර්ය සුනිල් ආරිරත්නත්, ප්‍රවීන සංගීතඥ රෝහණ වීරසිංහත් එම ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ සමාජිකයන්ය.
ඔස්කා ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේම කටයුතු කරන භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පද රචනා කළ ඇඩ්රස් නෑ ගීතිය නීත්‍යානුකූළ අවසරකයකින් තොරව වාණිජ කටයුත්තක් සඳහා යොදාගෙන ඇත.
සංගීත ක්ෂේත්රයේ කටයුතු කරන ශිල්පීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමේ මූලික අරමුණින් සංවිධානගත වූ මෙම ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ ම දෙදෙනෙක් එම අධ්යක්ෂ මණ්ඩලයේම ජ්‍යෙෂ්ඨයන්ගේ බුද්ධිමය දේපල කොල්ල කෑම සම්බන්ධව රෝහණ වීරසිංහ හා මහාචාර්ය සුනිල් ආරියරත්න ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස වෙත පැමිණිලි කර ඇත.
එහිදී භාතිය ජයකොඩි හා සංතුෂ් වීරමන් තමන් අතින් සිදුවූ වැරැද්ද පිළිගෙන ඒ වෙනුවෙන් රුපියල් මිලියනකය වන්දියක් ගෙවීමට එකඟ වී තිබේ.
එහෙත් එම මුදල ගෙවීම පැහැර හැරීමත්, විවිධ කාරණා කියමින් හෙට්ටු කිරීමත්, මෙම අකටයුත්ත සම්බන්ධව ආයතනය ක්‍රියාත්මක වූ දියාරු දුගී පිළිවෙතටත් විරෝධය දක්වමින් රෝහණ වීරසිංහයන් හා මහාචාර් සුනිල් ආරියරත්නයන් ස්වකීය අධ්යක්ෂ තනතුරුවලින් ඉවත් වන බව එම ආයතනයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස වෙත ලිඛිතව දන්වා ඇත.
එම ලිපිය පහත දැක්වේ.