බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තමා පත් කළ පාස්කු කමිටුවෙන්ම හිටපු ජනපතිට අපරාධ චෝදනා ගොනු කිරීමට නිර්දේශ

by Lanka Sara Editor
පෙබරවාරි 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත නිලන්ත සිසිර, නන්දන සහ දේශබන්දුටත් අපරාධ චෝදනා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කරන ලද ජනාධිපති කොමිසම තම අවසන් වාර්තා මඟින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු , හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ තවත් ඉහළ පොලිස් නිලධාරීන් ගණනාවකට අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කර තිබේ.

මෙම වාර්තාව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදි මේ බව අනාවරණය විය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කොමිසමේදී දෙන ලද සාක්ෂි සහ පොලිසියේ ඉහළ නිලධාරීන් විසින් දෙන ලද සාක්ෂි පදනම් කරගෙන මෙම ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිරයාට එරෙහිව එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කර ඇත.

එමෙන්ම මෙම කොමිසම නිර්දේශ කර ඇත්තේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් සහ බස්නාහිර පළාත භාරව සිටි හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ටද එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙසය. මෙම කොමිසම මඟින් ඉහත සඳහන් පුද්ගලයන් මෙම ප්‍රහාරය පිළිබඳව කලින් දැන අදාළ වගකීම් නිසා ලෙස ගෙන එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

කෙසේ වුවද අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් යම් ගැටලු පැවතුණද ඔහු සම්බන්ධයෙන් විශේෂ නෛතික පියවර ගැනීම අවශ්‍ය නොවන බවද සඳහන් කර තිබීම විශේෂත්වයකි.මෙම පාස්කු ප්‍රහාරයේදී නම සඳහන් වූ එවකට ආණ්ඩුවේ ඇමතිවරයකු වූ අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් සම්බන්ධයෙන් සඳහන් ව ඇත්තේ පාස්කු ප්‍රහාරයේ කටයුතු සඳහා වැඩිම මූල්‍ය දායකත්වයක් දැක්වූ එම ප්‍රහාරයේදී මරාගෙන මැරුණු ඉබ්‍රාහිම් සහෝදරයින්ට අයත් තඹ කර්මාන්ත ශාලාවට නියමිත පටිපාටියෙන් තොරව තඹ ලබා දීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ පනත යටතේ නඩු පැවරීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම කොමිසම 2019 අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරය සඳහා බලපෑ කණ්ඩායම ලෙස වහාබ් ආගමික දෘෂ්ටිවාදය දරන තව්හිත් කල්ලි බව දක්වා තිනෙ අතර ඔවුන්ට මෙම ප්‍රහාරය සඳහා පෙලඹවූ සාධකයක් ලෙස බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම්ද හේතු වී ඇති වට සාක්ෂි පවතින බවට සඳහන් කර තිබේ. එමෙන්ම බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකි ද යන්න සොයා බලන ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇත. ඒ, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR) පදනම් කර ගනිමිනි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2013 වසරේ පෙබරවාරි මස 17 වන දා මහරගමදී කළ ප්‍රකාශයක් සහ 2014 වසරේදී අලුත්ගමදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා මෙලෙස නිර්දේශ කර තිබේ.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයෙකු සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 02ක මුදලක් හා තුවාල ලැබූ අයෙකුට රුපියල් ලක්ෂ 05ක් ලබා දිමට ජනාධිපති කොමිසමෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

භාතිය – සන්තුෂ්ගේ බුද්ධිමය කොල්ලයට එරෙහිව සුනිල් -රෝහණ ප්‍රවීනයෝ  තනතුරු අත් හරිති…

Next Post

අද කොවිඩ් මරණ 03යි… ආසාදිතයන් 492යි.. ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.