බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

“ඇන්ටික් කඩයක මරණයක්“ අරුමය හා හඳගමලාගේ කරුමය

by editor
මාර්තු 18, 2021
in කලා
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

“ඇන්ටික් කඩයක මරණයක්“ වේදිකාගත වන්නේ හෙටය. හෙට (19) , අනිද්දා (20) සහ ඉන්අනිද්දා (21) දින තුනෙහි සවස 7ට කොළඹ ලයනල් වෙන්ට්ඩ්  රඟහල වේදිකාව වෙන් වන්නේ ඇන්ටික් කඩයක මරණයක් වෙනුවෙනි. නාට්‍යය සඳහා නිකුත් කළ සියලුම ප්‍රවේශපත්‍ර ඊයේ (17)වන විට විකිණී නිමා වී ඇත.

එක් අතකට මේ රටේ මිනිසුන්ගේ භාවිතයන් මවිත කරවන සුළුය. ඒ සංකීර්ණය   තේරුම්ගැනීම ආයාසකරය. ඔවුහු යහපත් කලා නිර්මාණයක් වෙනුවෙන් මහත් වූ අභිලාෂ සහිතව සිටිති. ඒ නිර්මාණ අසීමිත ලෙස විඳිති. නැතිනම් විඳින බව පෙන්වති. සංවාද කරති. එහෙත් ඒ කලා කෘතීන්හි  මුඛ්‍ය හරය ප්‍රායෝගික සමාජ භාවිතාවේ දී අත් හැර දමති.

අවුරුදු තිහකට පසු වේදිකාවට පැමිණෙන අශෝක හඳගම ස්වකීය නිර්මාණ ජනගත කිරීමටත් පෙර යළිත් අපට සංවේදනය කරවන අපේ සමාජයේ හැඩය දශක ගණනාවක සිට අපි නොවෙනස්ව විඳිමින් හිඳිමු.

අවුරුදු 31කට පෙර හඳගම මාඝාත කළේය. ඒ වකවානුවේ අප නව යෞවනයේ පසුවන්නන්ය. හෙණ වේදිකා නාට්‍ය කර ඒ අවධියේ සිට අපේ පරම්පරාව තුළ ගෞරවණීය සංවාදයක් ඇති කළ හඳගම නීතියේ ආධිපත්‍ය වල් වැදුණු ඒ කාලකන්ණි සමාජය නිර්මාණාත්මකව නිරුවත් කරන මොහොතේ උපන් ප්‍රහර්ෂය තවමත් මතකය. හඳගමට රාජ්‍ය සම්මාන හිමිවුණේය. පාරක් ගානේ පිච්චෙන මිනී පුළුටු ගඳ විඳිමින් ඒ නිර්මාණ පිළිබඳ බලාපොරොත්තු සහගත සංවාදයක් ඇති වී සමාජ පරිවර්තනයක් දක්වා යන තුරු බලාගෙන සිටියෙමු.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අපේ වීරයා හඳගම වේදිකාවෙන් බැස ගියේය. ඔහු සිනමාව ඔස්සේ සිය භූමිකාව දිගටම කළ බව සැබෑය. නමුත් ඒ අවධියේ ඒ කලාකෘතීන් ගැන විශිෂ්ට සංවාද ඇති කළ උන්ගෙන් අතිමහත් බහුතරය මේ කාලකන්ණි දුර්දාන්තය පවත්වාගෙන යෑම සඳහා කුණු කාණු පල්ලේ දියවී යන අයුරු බලාගෙන සිටියෙමු. දශක තුනකට පසු යළි හඳගම වේදිකාවට පැමිණ තිබේ. ඔහු පැමිණෙන්නේ අශිෂ්ඨත්වයේ කුණපය මත මල් පාත්ති තැනූ සමාජයක නාට්‍යය කරන්නටය. දශක තුනකට පෙර සේම ඔහුගේ ආගමනය මිනිස්සු උත්කර්ෂයෙන් පිළිගනිමින් හිඳිති.

යළිත් හෙට සිටි ඇන්ටික් කඩයක මරණයක් ගැන ප්‍රබුද්ධ සංවාද ඇතිවනු ඇත. මාඝාත සම්බන්ධව  ඇති වූ  කථිකාවම නිර්මාණය වනු ඇත. එහෙත් අපට සිදු වී ඇත්තේ ඒ සංවාදයේ හරය සමාජීය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් ප්‍රායෝගික කරන්නට යන විට තමන් තුළ සැඟව සිටින මුග්ධයාට ඉඩ දී නිහඬවන මිනිසුන් දෙස බලාගෙන ඉන්නටය.

මාඝාත රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන්නේ වර්ෂ 1989දී ය. එම කෘතියේ ඍජු දේශපාලනික ප්‍රකාශනයක් ගැබ් වී තිබිණි. දොර දොර මළ බෙර වැයෙන යුගයක, හන්දියක් ගානේ  ටයර් තුළ තරුණයන් මර මරා පුලුස්සමින් තිබුන යුගයක වල් වැදුණු නීතිය සහිතව පැවති   අශිෂ්ට සමාජයේ නිරුවත ප්‍රශ්න කළ මාඝාත සාහිත්‍ය කෘතියක් ලෙස අවංකව වින්දනය කළා නම් දශක තුනකට පසු හඳගම වේදිකා නාට්‍යයක් කරන්නේ මීට වඩා වෙනස් සමාජයකටය.

එහෙත් ඔහු එන්නේ  මීට දශක තුනකට පෙර ඔහු විසින් ප්‍රශ්න කළ සමාජ කුණපයේ ස්වරූපය   බාහිරින් පමණක් වෙනස් වූ සමාජයකටය.  ප්‍රකාශිත ස්වරූපයේ ස්වරය පමණක් වෙනස් වූ, එහෙත් අවනීතික හැසිරීම, මර්ධනය, භීෂණය නියතයන් වූ සමාජයකටය.

“ අවුරුදු තිහකට පෙර තිබුණු ඒ කාලයෙ  වෙනස්.  මාඝාත කළ ඒ වකවානුවේ දේශපාලනය  තිබුණෙ මහේෂ්‍ය තලයක.  ඒ දේශපාලනය අපට දැනෙනවා. අපේ ඇඟේ හැප්පෙනවා. රටේ නිර්මාණය වූ භීෂණය හා බද්ධ වෙච්චි ඒ මරණීය යථාර්ථය සමග  විශ්වවිද්‍යාල තරුණයො ගැටෙමින් සිටියා. ඒක  තමයි අපේ නිර්මාණයට අවශ්‍ය නිර්මාණාවේශය ගෙනාවෙ.  මාඝාත වැනි නිර්මාණවලින් ප්‍රකාශ වුනේ  අපේ තියන තරුණ ජවයත් එක්ක  මතුවුණ ප්‍රතිචාරය. ඇත්ටම එය   ඍජු දේශපාලනික ප්‍රතිචාරයක්.“

“ නමුත් අද අපේ ජීවිතවලට දේශපාලනය බලපාන්නේ ඒ කාලයේ වගේ නෙමෙයි. ඊට වඩා ඉතාම සූක්ෂම විදිහට අපට දේශපාලනය බලපානවා.  අපි දන්නෙත් නෑ දේශපාලනය අපට බලපානවා කියලා. අපි හිතන් ඉන්නේ අපට  දේශපාලනය වැඩක් නෑ. දේශපාලනය කියලා එකක් නෑ කියලා.  නමුත් ඇත්ත එහෙම නොවෙයි.  දේශපාලනය  තියනවා. එය දැනෙනවා. එත්  ඒක අපේ ජීවිතවලට බලපාන්නේ අප නොදන්නා විදිහට.  තේරුම් ගත යුතුයි.  අප  මේ මොහොතේ අත්විඳින්නේ  එදා තත්වය එදා තිබුණ දේශපාලනික ස්වරූප නෙමෙයි. ඊට වඩා වෙනස්  තත්වයක තියන  සමාජය දේශපාලන පසුබිමේ යථාර්ථය   නිර්මාණයකට හසුකරගන්න දරන උත්සායහක් තමයි මේ තියෙන්නෙ.“

“   මේ සමාජ  ගතිකයන් අපට  තේරුම් ගන්න වෙනවා.  ඒ සඳහා  අපට මානසික සූදානමක් අවශ්‍යයි. මේ සමාජ බලපෑම  මතුපිටින් තේරුම් ගන්න බෑ. ඇතුළට බැහැලයි ඒක තේරුම් ගන්න ඕන.  එහෙම තේරුම් ගන්න අපට ජීවිතේ අන්වික්ෂීය මට්ටමකට බහින්න වෙනවා.  ඒ අන්වික්ෂීය මට්ටමේ මැදිහත් වීමකට පෙර යමක් කියවා ගන්න කරන හුරුව තමයි මේ නිර්මාණය හරහා සිදුවන්නෙ…“

හඳගම ඇන්ටික් කඩයක මරණයක් සමග වේදිකාවට පැමිණීමේ සංක්ෂිප්තය ඔහුගේම ප්‍රකාශනයක් සේ කියැවෙන්නේ එසේය.

ඒ හඳුනාගැනීම දැනට ප්‍රමාණවත්ය.  ඇන්ටික් කඩයක මරණයක් සඳහා කළෙකට පසු මහාචාර්ය සෞම්‍ය ලියනගේ රංගනයෙන් එක්වන්නේය. ඉංග්‍රීසි වේදිකාවේ නිතර දකින  පසන් රණවීර මේ කෘතියට සම්බන්ධ වන්නේය.  නිපුනි ශාරදා සහ ස්ටෙෆාන් තිරිමාන්න කෘතියේ මූලික භූමිකාව එළි දක්වන්නෝය.  නිර්මාණයේ  සංගීතය චින්තක ජයකොඩිය.   වේදිකා පරිපාලනය සහ කුරියොග්‍රැෆි   ප්‍රදීප් රාමවික්‍රම සහ කෝසල ද සිල්වාගෙනි. රංගාලෝකය  අනුරුද්ධ මල්ලවාරච්චිය.

ඇන්ටික් කඩයක මරණයක් මේ සමාජයේ අලුත් වින්දනීය ප්‍රවේශයක් විවර කර දෙනු ඇති බවට සහතිකයක් අතීත නිර්මාණ භාවිතය විසින් හඳගම අපට ලබා දී තිබේ. දැන් අපට අවශ්‍ය වන්නේ හඳගම වැනි කලාකරුවන් ගොඩනගන සාහිත්‍යයික සංවාදය මේ පොළව මත ප්‍රායෝගික සමාජ දේශපාලන පරිවර්තනයක් සඳහා ගොනු කළ හැකි මිනිසුන්ය.

කරුමය වන්නේ පැෂන් එකට නාට්‍ය බලන, ප්‍රබුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා සංවාද කරන මෙලෝ හසරක් නැති අබබ්බයන් බහුතරයක් සිටිනා සමාජයක පරිනාමය නොවූ අසංස්කෘතික මිනිසුන් වෙනුවෙන් නාට්‍ය කරන්නට තවමත් හඳගමලාට සිදු වීමය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වංගුවක් ගසා මුලට පැමිණි ඉන්දියන් ජෙන්ඩ්ස් අවසන් වටයට

Next Post

පාස්කු දින ප්‍රහාර වාර්තාවේ ටයිපින් දෝෂ නඩු මග හරස්කරයි

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.