බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අවුරුදු 25දී ඔස්ට්‍රේලියාවේ මිලියනපතියෙකු වූ ශ්‍රී ලාංකිකයා තරුණයා ගැන බීබීසී කියන කතාව1

by editor
ඔක්තෝබර් 11, 2024
in ජීවිතය
Vinul-Karunarathna
Share on FacebookShare on Twitter

ඔස්ට්‍රේලියාවේදී මිලියනපතියෙකු වූ වයස අවුරුදු 26ක ශ්‍රී ලාංකික තරුණයෙකු එරට මාධ්‍ය හරහා වඩාත් කතාබහට ලක්ව තිබේ.

එම වාර්තාවල පළ කර තිබුණේ, පවිත්‍රතා සේවකයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු මේ වන විට මිලියනපතියෙකු බවට පත්වී ඇති බව ය.

ඔහු පිළිබඳ තොරතුරු ඔස්සේ කරන ලද සොයා බැලීම් හරහා අදාළ තරුණයා වන විනිල් කරුණාරත්න සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය.

එහිදී, ඔහු ප්‍රකාශ කළේ, “මාධ්‍යවල පළ කර තිබූ ඇතැම් තොරතුරු සත්‍ය නොවන” බව ය.

එසේ නම්, ඔහු පිළිබඳ සත්‍ය තොරතුරු මොනවා දැයි ඔහුගෙන් ම අසා දැන ගමු.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

‘ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක’

1998 ඔක්තෝබර් 02 වන දා උපත ලබා ඇති විනුල් කරුණාරත්නගේ වයස අවුරුදු 26කි.

ඔහු සිය දෙමාපියන් සහ සහෝදරියන් දෙදෙනා සමග ශ්‍රී ලංකාවේ සිටියදී වාසය කළේ, කෝට්ටේ පිහිටි ඔවුන්ගේ නිවසේ ය.

ඔහු නුගේගොඩ, ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබා ඇති අතර, කේම්බ්‍රිජ් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට ඇත.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් කර ඔස්ට්‍රේලියාවට යන විට ඔහුගේ වයස අවුරුදු 17කි.

“කේම්බ්‍රිජ් විභාගය කරපු නිසා ලංකාවේ කැම්පස් යන්න බැරි හින්දා තාත්තා මාව ඔස්ට්‍රේලියාවට එව්වා. ඊට පස්සෙ මම මෙහෙ ඇවිත් ICT බිස්නස් ඇනලිටික්ස් සම්බන්ධයෙන් උපාධියක් කළා.”

ව්‍යාපාරයේ ආරම්භය

ඉන්පසු ඔහුට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අවසර ලැබී ඇති අතර, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යොමු වී ඇත්තේ, ඉන්පසුව ය.

ඒ, කොරෝනාවෛරසය ව්‍යාප්ත වීම ඇරඹුණු 2019 වසරේ අගභාගයේදී ය.

“මට තිබුණා හීනයක් මගේ ම කියලා බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න. මට ඕන වුණේ, චීනෙන් බඩු ගෙනල්ලා ඒවා අලෙවි කරන ඊ කොමර්ස් බිස්නස් එකක් කරන්න. ඒකට සල්ලි හොයා ගන්න තමයි, මම ක්ලීනිං බිස්නස් එක පටන් ගත්තේ. දැන් ඊ කොමර්ස් බිස්නස් එකට වඩා ක්ලීනිං බිස්නස් එක දියුණු යි,” විනුල් පැවසීය.

ඔහු මුලින් ම පවිත්‍රතා ව්‍යාපාරය ආරම්භ කර තිබුණේ, වෙබ් අඩවියක කුඩා දැන්වීමක් පළ කරමිනි.

“දැන්වීම දාලා දවස් දෙකකට පස්සේ මට දුරකතන ඇමතුමක් ආවා. එතන තිබුණේ උත්සවයක් වෙනුවෙන් ඔෆිස් එක ක්ලීන් කරන්න. මට කතා කරපු කෙනා මට කිව්වා කොටේෂන් එකක් එවන්න කියලා. ඊට පස්සේ මට කිව්වා අද ම වැඩේ කරන්න කියලා. මට තනියම බැරි නිසා ශ්‍රී ලංකාවෙ යාළුවෙකුත් එක්ක ගිහින් වැඩේ කළා. ඉස්සෙල්ලා ම මට එදා ඔස්ට්‍රේලියා ඩොලර් 400ක් හම්බ වුණා. යාළුවාටත් කම්කරුවෙකුට දෙන පඩිය ගෙව්වා,” විනුල් මතකය අවදි කළේ ය.

සේවකයින් 40 දෙනෙක්

විනුල් පවසන පරිදි ඔහුගේ පවිත්‍රතා ව්‍යාපාරයේ සේවකයින් 40 දෙනෙක් සේවය කරති.

ඒ අතර, ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු සිටින අතර, සෙසු සේවකයින් ඔස්ට්‍රේලියානු, වියට්නාම්, දකුණු ඇමෙරිකානු වැසියන් ය.

‘මගේ තාත්තා වගේ වෙන්න මට ඕන වුණා’

“මගේ තාත්තාගේ තාත්තා, ඒ කියන්නේ මගේ සීයා ගොඩක් දුප්පත්. ඒත් මගේ තාත්තා හොඳට ඉගෙනගෙන එයාගේ උත්සහයෙන් තමයි, කොළඹ ඇවිත් ගෙවල් හදලා අපි තුන් දෙනාව ජාත්‍යන්තර පාසලකට යවලා අපට හොඳ ජීවිතයක් ලබා දුන්නේ. මටත් ඒ වගේ මගේ ම මහන්සියෙන් දියුණු වෙන්න ඕන වුණා. ඒ නිස යි මම ව්‍යාපාරයක් කරන්න හිතුවේ,” විනුල් කරුණාරත්න ප්‍රකාශ කළේ ය.

‘අම්මා අකැමති වුණා’

ගුරුවරියක වූ විනුල්ගේ මව ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ සිය වැඩිමහල් පුතු පවිත්‍ර කිරීමේ ව්‍යාපාරයක නිරත වනු දැකීමට කැමැත්තක් දැක්වූයේ නැත.

කෙසේ වෙතත්, කාර්මික ඉන්ජිනේරුවරයෙකු වූ ඔහුගේ පියාගෙන් ඊට බාධාවක් එල්ල වී නැත.

“අම්මා කිව්වේ රස්සාවක් කරන්න කියලා. රස්සාවක් කළා ම පඩියක් ලැබෙනවා නේ. ඒ වගේ ම මේ ව්‍යාපාරය දියුණු වෙයි කියලා හිතුවෙත් නෑ. දැන් නම් අම්මාගෙ අකැමැත්තක් නෑ. හැබැයි තාත්තාගේ කිසි ම අකැමැත්තක් තිබුණෙ නෑ. තාත්තා කිව්වේ, මොනවා කළත් සාධාරණව දියුණු වෙන්න පුළුවන් නම් කමක් නෑ කියලා.”

ඔහුගේ මව සහ පියා තවමත් ජීවත් වන්නේ, කෝට්ටේ පිහිටි ඔවුන්ගේ නිවසේ ය.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය ඔහු ගැන දැන ගත්තේ කොහොම ද?

“අවුරුදු 25ක තරුණයෙක් මිලියනපතියෙක් වෙන එක ටිකක් දුර්ලභ දෙයක් නේ. මෙහේ අපේ වත්කම් ප්‍රසිද්ධ කරනවා සාමාන්‍යයෙන්. එහෙම දැකලා මට මාධ්‍ය ආයතනයකින් කතා කළා. ඒගොල්ලන්ට ඕන වුණේ, තරුණ පිරිස්වලට පෙළඹවීමක් ඇති කරන්න මං හරහා,” ඔහු සඳහන් කළේ ය.

‘මාධ්‍යවල තියෙන සමහර දේවල් වැරදි යි’

ඇතැම් මාධ්‍යවල ඔහු පවිත්‍රතා සේවකයෙකු ලෙස සේවය කර ඇති බව සඳහන් කර ඇතත්, එය නිවැරදි නොවන බව විනුල් පැවසීය.

“මම පවිත්‍රතා සේවකයෙක් විදිහට වෙන ආයතනවල වැඩ කළේ නැහැ. මම මගේ ම ආයතනයේ මුල් කාලයේ ටිකක් වැඩ කළා. ඊට පස්සේ, බිස්නස් එක දියුණු වේගන එද්දී මම සේවකයන් බඳවගෙන තමයි ඒක කරගෙන ගියේ. ඒ වගේ ම, මම ඔස්ට්‍රේලියාවට ඇවිත් ගොඩක් දුක් වින්දේ නැහැ. තාත්තාගේ සල්ලිවලින් තමයි ඉගෙන ගත්තේ. හැබැයි මම මේ තත්ත්වයට එන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. ඒකේ ප්‍රතිඵලය තමයි මම අද භුක්ති විඳින්නේ.”

‘මට ලොකු ඉලක්කයක් තිබුණා’

ව්‍යාපාරිකයෙකු ලෙස සාර්ථකත්වයට පත්වීමට තමන්ට ඉලක්කයක් පැවති බව විනුල් කරුණාරත්න ප්‍රකාශ කළේ ය.

“මට මගේ ම කියලා ව්‍යාපාරයක් කරන්න ලොකු ඉලක්කයක් තිබුණා. ඒ වෙනුවෙන් මම ගොඩක් කැප වුණා. ගොඩක් තරුණ අයට ආශාවන් තියෙනවා දියුණු වෙන්න. ඒත් ගොඩක් අය පටන් ගන්නෙ නෑ. හිත හිත ඉන්නවා. ඒත් මම නම් කියන්නේ, තියෙන දේකින් නිර්මාණශීලී විදිහට හිතලා පටන් ගන්න. ශ්‍රී ලංකාව ඇතුළේ වුණත් දියුණු වෙන්න පුළුවන්.”

විනුල් කරුණාරත්න ප්‍රකාශ කළේ, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ආයෝජනයක් කිරීමට ද තමන් අපේක්ෂා කරන බව ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනීතිකව එකලස් කළ ජොනීට අයත් BMW රථයක් හිල්ටන් රථගාලෙන් සොයා ගනී… පරීක්ෂණ අධිකරණය ඉදිරියේ… ජොනීට විදෙස් ගමන් තහනමක්!

Next Post

පැය 48ක් ඇතුළත ගම්පහ, මිනුවන්ගොඩ, දිවුලපිටිය, වත්තල,මීරිගම, ඇතුලු ප්‍රදේශ කීපයක් ගං වතුරට යටවීමේ අවදානමක්!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.