බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අලි ගහන කැලෑව මැද හරි පුදුම ඉස්කෝලෙ හැදූ ලොකු ඉස්කෝලෙ මහත්තයා…

ගස් නගින්න බැරිනම් මෙලහට මම අලි ගහලා මැරිලා... ඒරියාව කණිටු විදුහල හදපු විදුහල්පති ආර්. එම්. තිලකරත්න

by editor
මැයි 9, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

පාදෙණිය අනුරාධපුර මාර්ගයේ අඹන්පොලින් දකුණ ට හැරී ඇහැටුවැව පාරේ සැතපුම් 5ක් පමණ ගිය තැන එරියාව කනිටු විදුහල ට හැරෙන හන්දිය හමුවේ. එතැන් සිට ඒරියාව ඉස්කෝලයට යන්නට ඝන කැලෑවෙන් යුත් මාර්ගයේ සැතපුම් භාගයක් පමණ යා යුතුය.

1941 වසරේ ඇරඹි මෙම විදුහල 2000 වර්ෂයේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්නේ පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීම හා ගුරු හිඟය හේතුවෙනි. නමුත් 2008 වසරේ ජූලි මස 15 දින මේ විදුහල ට වාසනාව රැගෙන එන විදුහල්පතිවරයා වූයේ  ආර්. එම්. තිලකරත්නය.

පාසලක් නිර්මාණය කිරීම යනු ලෝකයක් හැදීම වැනි වැඩකි. ඔහු ඒ වැඩේ කළේය. ඒ වැඩේ කර ලංකාවේ අංක එකේ ඉස්කෝලයක තැනට ඒරියාව ගෙනාවේය. ඒරියාව කණිෂ්ට විද්‍යාලය ගැන දැන් මේ රටේ නොදන්නා කෙනෙක් නැත. අවුරුදු ගණක් ශිෂ්‍යත්ව විභාගයෙන්  ලංකාවේ හොඳම ප්‍රතිඵල ගෙනාවේ මේ පාසලය.

ඒ විදුහල්පති තුමා දැන් සිය ගුරු දිවියට විශ්‍රාම දෙන්න සූදානමිනි.  ඒ උතුම් මිනිසා ගැන සටහනක් තබන්නට  නිමිති සපයන්නේ එයය. අපි ඔහු සමග සංවාදයට එක් වුනෙමු.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ මම 2008 මේ පාසලේ වැඩ බාර ගත්තෙ වැඩ බලන විදුහල්පතිවරයෙක් විදිහට . නමුත් මම 2012 වසරේ විදුහල්පති විභාගය සමත් වෙලා ඒ පත්වීම ස්ථිර කර ගත්තා.   පළවෙනි ශ්‍රේණියේ විදුහල්පති වරයෙක් වුණා.  මම මෙහෙට එද්දී සිසුන් 10 යි මුලු පාසලටම හිටියේ. නමුත් මම මගේ ක්‍රමය ඇතුළෙ වැඩ කළා.    වසරින් වසර සිසුන් වැඩි වෙන්න පටන් ගත්තා. මං පාසලට එද්දි එද්දි හිටපු සිසුන් 10න් 2ක් ශිෂ්‍යත්ව සමත් වුනා 2010දි.  මුල්ම පිබිදීම ඇති වුනේ එහෙම . ඊට පස්සෙ තමයි 2016 වර්ෂයේ අපිට සුවිශේෂී ජයග්‍රහණය ක් හිමිවුනේ.”….යැයි ඔහු පැවසුවේ  නිහතමානී සිනහවකින් මුව සරසා ගෙනය.

“මං මේ පාසලේ විදුහල්පති වරයා ලෙස දිගු කාලයක් සේවය කළා. මම මගේ ගුරුවරු හා දරුවන් වෙනුවෙන් ගෙන ගියේ ඉතාම සුහද , මිත්‍ර ශීලි ,කාරුණික ප්‍රතිපත්තියක් . ඇත්තටම මට කිසිම හේතුවක් නිසා තරහ යන්නෙ නෑ. මගේ ඉවසීමේ උපරිමය මේ ජයග්‍රහණවලට හේතුවක් වුනා. මගේ ක්‍රමය තුළ ගුරුවරු නිදහසේ තමන්ගෙ කාර්‍යය ඉටු කලා. කැපකිරීම් වලදි කවුරුත් පස්ස ගැහුවෙ නෑ . ඒ නිසාම 2017/ 18 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් දෙවන ස්ථානය ත් , නැවතත් 2019 ප්‍රථම ස්ථානය ත් අපට ලැබුන. 2020 ගණනය කිරීම් සිදු නොවුනත්, අපි වයඹ පළාතේ සුවිශේෂීම  ස්ථානය හිමි කර ගත්ත .  මම දැන් විශ්‍රාම ගන්න සූදානමින්.  මේ වන විටත් 2021 වසරේ දරුවන් 35න් 28ක් සහ 2022 වසරේ සිසුන් 23න් 19ක් සමත් මට්ටමේ ඉන්නවා .    මේ සියලුම සිසුන් සමත් වීමේ අවස්ථාව ක් උදාවෙන්න ත් පුලුවනි.

මේ ගුරුවරු එක්ක මමත් හරි හරියට වැඩ කරනවා .විදුහල්පති කියල පුටුවේ ඉඳගෙන ඉන්නේ නෑ .  මගෙ පාසලේ දරුවො 154 දෙනෙක් ඉන්නවා . ඒ සියලු දෙනාම නමින්  විතරක් නෙමෙයි,  ඔවුන් ගේ අත් අකුරු වලිනුත්  මට ඔවුන්ව හඳුනන්න පුලුවන් . ඒ තරම් ඒ දරුවො මට සමීපයි. අසනීපකට හැරෙන්න මං නිවාඩු ගන්නෙ නෑ . මම විශ්‍රාම යන මේ වසරෙ තාම එක නිවාඩුව ක් වත් ගත්තෙ නෑ . කොවිඩ් ප්‍රශ්න මැද්දෙ වුනත් එරියාව පාසලේ වැඩ නතර වුනේ නෑ …නිරෝධායනය නීතිවලට අනුව අපි වැඩ කළා.

අලි කරදර තාම එහෙමමයි. මට ගස් නගින්න පුලුවන් නිසයි අද ජීවත් වෙලා ඉන්නේ . පාන්දර ට හැමදාම අලි  මුණගැහෙනවා.   කැප කිරීමක්, උනන්දුව ක් හා අවදානම් දැරීම මත තමයි කණ්ඩායම ක් විදිහට අපි මේ සියලු ජයග්‍රහණ හිමි කර ගත්තෙ ..” . විදුහල්පතිවරයා  පැවසුවේ ය.

ඔහු  මේ රටේ ඉතා විශේෂ භූමිකාවක් කළ විදුහල්පතිවරයෙකි.  පාසල් නායකයන්ට ඔහුට කියන්නට ඇත්තේ මොනවා ද?. මම ඔහුව විමසුවෙමි.

” අත්‍යවශ්‍යය වෙන්නෙ ඉවසීම, සහ අනෙකාව තේරුම් ගැනීම. ගුරුවරුන්ට ත් යම් අපහසුතා තිබෙනවා . ඒවා තේරුම් ගෙන පිළියම් යෙදුවාම ඔවුන් ඉතා ම සතුටින් තමන්ගෙ රාජකාරි ය කරනවා. අනික ,මමත් මගෙ රාජකාරිය ට ඉතාම අවංකව යි. පටු පරමාර්ථ මා ළඟ කවදාවත් තිබුනේ නෑ .  මේ ජයග්‍රහණවලින්   මං සත පහක දෙයක් පෞද්ගලිකව හරි හම්බ කර ගත්තෙ නෑ. ඒ ගැන හැමෝම දන්නවා . අනික මං හොඳ ගොවියෙක් . ඉස්කෝලේ න් රෑ හතට ගෙදර ගිහින් මං යන්නෙ කුඹුරෙ පැලට. ඇත්තටම මගෙ ජීවිතේ හරිම සරලයි. ඒත් ආත්ම තෘප්තිය හා හෘදය සාක්ෂි ය අතින් මං ඉන්නේ ඉතාම ඉහළ තැනක. ඒක ආධ්‍යාත්මික යි. භෞතිකව මං හරි හම්බ කර ගත් කිසිම දෙයක් නෑ .  මගෙ පුතාල තුන් දෙනත් , බිරිඳත් එක්ක මං සරල සැහැල්ලු ජීවිතය ක් ගත කරනවා.”

ඔහුගේ දෑස් අග කඳුලක් දිලිසෙනු දුටුවෙමි. සත්තටම ඒ කඳුළ තුළ වූයේ අපූරු විදුහල්පතිවරයෙකුගේ නිහතමානී සතුටේ හැඟීම්බර බවය.   ”

ඔහු අවසාන වශයෙන් මෙසේ අපට කීවේය.

ඇත්තටම මං කැමති නෑ විශ්‍රාම යද්දි මේ අහිංසක දරුවන්ගෙන් සත පහක දෙයක් ගෙදර අරන් යන්න. ඒත් මං දරුවන්ට කීවා මට මොනවා හරි දෙන්නම ඕන නම් සබන් කැටයක් ගානේ දෙන්න කියල . එතකොට මට පුලුවන් ඒ සබන් කැට ටික ඉස්කෝලේ ටම ආපහු දීල යන්න . මට පුලුවන් වුනොත් මං දරුවෙකුට පැළයක් ගානේ දීල යනවා….”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ කොවිඩ් මරණ 22 යි.. ආසාදිතයන් 1890යි…

Next Post

කොවිඩ් ආසාදිත දරුවන් වෙනුවෙන් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයක්

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.