ලලිත් චාමින්ද –
ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත කුඩා දරුවන් වෙනුවෙන් අක්මිමන මැලිබන් රෝහලේ විශේෂ ළමා කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයක් වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ආරම්භ කරණු ලැබිය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග ඒකකයේ මෙහෙයවිම මත මෙකි කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය ආරම්භකරණු ලැබිය. කොවිඩ් ආසාදිත ළමුන් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කරණ අතර ඊයේ (08) රාත්‍රිය වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත කුඩා දරුවන් 06 දෙනෙකු මෙම වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත මාරුකොට එවිමට කරාපිටිය ශික්ෂණ රෝහලේ බලධාරින් විසින් කටයුතු කරණු ලැබිය.
කොවිඩ් ආසාදිත දරුවන්ගේ මව්වරුන්ට ද වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය තුළ රැදි සිටිමට පහසුකම් සලසා ඇත. මෙහි ඇඳන් 40ක් ස්ථාපනය කොට ඇති අතර අවශ්‍යතාවය මත එම ඇඳන් සංඛ්‍යාව වැඩකිරිමට සැලසුම් කොට ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.
මෙම වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හා වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කරාපිටිය ශික්ෂණ රෝහල මගින් යොමුකොට ඇත. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ මෙම කොවිඩ් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරේ. මෙම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේ්‍යෂ්ඨ මහාචාර්ය සුජිව අමරසේන, කරාපිටිය වෛද්‍ය පිඨයේ පිඨාධිපති මහාචාර්ය වසන්ත දේවසිරි හා කරාපිටිය රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මේ සදහා එක්ව සිටියහ.