බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්!

by editor
මැයි 22, 2022
in කොලම
colum
Share on FacebookShare on Twitter

මැයි 9 වැනි දා සහ එයට පාර කැපූ දේශපාලන සංසිද්ධීන් විශ්ලේෂණය කර මා මිත්‍රයකු විසින් පොතක් ලියා තිබේ. ඒ පොතට සුදුසු නමක් යෙදීම සදහා ඔහු මිතුරන්ගේ උපකාර පැතීය.

යෝජනා වූ පළමු නම වූයේ ‘රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්’ ය.

එනමින්  දොස්තර ආරියසේන යූ. ගමගේ ලියූ වෛද්‍ය ග්‍රන්ථයක් තිබේ. එහි අන්තර්ගතයහි අත්‍යන්ත සත්‍යට පසුගිය දින අපි මුහුණ දුන්නෙමු. කෙතරම් ගැලපුනත් එම නම තම පොතට යෙදීමට කතුවර මිතුරා එකඟ නොවීය.

දෙවැනුව යෝජනා වූ නම ‘රජෙක් නාකි මයිනෙක් වූ හැටි’ ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“නමේ හැටියට නම් ඕක ළමා පොතක් කියලා මිනිස්සු රැවටෙයි” එක් මිතුරෙක් කීවේය.

“එක අතකට මේක ළමයි සඳහාත් නිර්දේශ කරන්න පුළුවන්. රෙදි නැතුව පාර දිගේ ගිය අධිරාජයාගේ හෙළුව දැක්කෙත් ළමයෙක්නේ. ඉතිං මේ කතා දෙක අතර වෙනසකුත් නෑනේ” කතුවර මිතුරා කීය.

“පොඩි වෙනසකුත් තියෙනවා. මේ රජාට රෙදි ඇදගෙනවත් පාරේ බැහැලා යන්න බැරි වුණානේ අන්තිමට. අනුවණ පුද්ගලෙක් රජවෙලා වටපිටේ ඉන්න පට්ටපල් හොරුන්ගෙන් උපදෙස් ගත්තම අන්තිමට වෙන දේ මේක තමයි කියලා, උපමා කතාවක් විදියට ජාත්‍යන්තරයට යන්නත් ඉඩ තියෙනවා” තවත් මිතුරෙක් කීය.

“පොඩි පරහකුත් තියෙනවා” කතු මිතු පැවසීය. සැවොම එක හඩින් ‘මොකක්ද?’ කියා ඇසූහ.

“මේක ළමයි පරමාදර්ශී තාත්තා කෙනෙක්ගේ කතාවක් කියලා වරදවා වටහා ගනීද දන්නේ නෑ නේද?. මොකද මේ පිය රජ්ජුරුවො නිසි කලට විශ්‍රාම නොයා ළමයින්ට පාර කපලා දෙන්න ගිහින්නේ පාරේ බැහැලා යන්න බැරි තරම් කිච වුණේ” කතු මිතුරා කනස්සල්ලෙන් කීවේය.

“එහෙනම් අපි නම වෙනස් කරමු. ‘පුතාට පාර කපන්නට ගොස් පාරට බහින්න බැරිවූ මිසදිටු රජුගේ කතාව’ කියලා” මිතුරෙකු යෝජනා කළේය.

“ඕක ළමයින්ගේ හිත්වල තාත්තලා ගැන අපහැදීමක් ඇකි කරන්න පුළුවන් මාතෘකාවක්. එක්කෝ කෙළින්ම ‘පියාගේ මග නොයන් පුතේ’ කියලා නම දාමූ. ගොවියොන්ගේ පුත්තු කවියො වෙන කාලේ රජුගේ පුතා රජ වෙන්න ගිහින්නෙ මේ බලු වෙන්නෙ. කොහොම වුනත් මේක ලාංකීය දෙමාපියන් බොහොමයකගේ චින්තනය නියෝජනය කරනවා. ඒ නිසා තාත්තා – පුතා වගේ වචන පොතේ නමට නොදා ඉමු” අවසනට තීරණය විය.

” එහෙනම් ‘කපුටු දානයක් දී – නාකි මයිනාට මතක බණක් කියූ – ගේ කුරැල්ලාගේ වීර චාරිකාව’ කියලා නම දාමු” යෝජනා විය.

“අම්මට සිරි ඒකනම් මරු. ඒ වුණාට ළමයින්ට ඕක තේරෙණ එකක් නෑනේ. උන් පොතේ කුරැල්ලො හොයන්න ගනියි” කතු මිතු දෙගිඩියාවෙන් කීවේය.

“මුන් රට බංකොළොත් කළේ කොහොමද කිලා උන්වත් දන්නෙ නෑනේ. එහෙව් එකේ උන් කරපු වැඩ නම් ළමයින්ට තේරුම් කරලා දෙන්න අමාරුවෙන එකක් නෑ. වැඩේ කියන්නේ, එතකොට ළමයි කියයද දන්නෙ නෑ ‘ළමයෙක්ට රට දුන්න නම් ඔයිට හොදයිනේ’ කියලා’. එක්කෝ ඒ නම හොද නැද්ද පොතට?” දැන් දැන් යෝජනා යන්නේ රුහිතෙටය.

“එහෙනම් ‘රට කළ වයෝවෘද්ධ ළමා කැළ’ කියලම නම දාමු” යෝජනා පිට යෝජනා එන්නට විය.

“පිස්සු ද යකෝ, කැම්පස් යන අන්තරේ එවුනුන් දැන් ආණ්ඩු බලය ඉල්ලනවා. ඔහොම ගියොත් ඉස්කෝලේ අටේ පන්තියේ උනුත් ආණ්ඩු කරන්න ඉල්ලයි. අනික උන්ට බෑ කියනන තරම් සාධාරණ හේතුවකුත් නෑනේ” නම් දැමීම මහා ජංජාලයක්ම විය.

“අපි රජාව පැත්තකට දාලා රනිල්ව අල්ලලා නමක් දාමු” අවසනට යෝජනා විය.

“නම රනිල් වුණාට ඉතිං එයාට තියෙන්නෙත් රජාගේ ලෙඩේම තමයි” එකෙක් කීහ.

“නෑ නෑ ඒක වැරදි අදහසක්. රනිල් අගමැති පුටුවට ආසනෑ” සෑම සබාවකම රනිල්වාදියෙකු සිටියි. මෙතෙක් වෙලා අස්සෙ ගසා සිටි කොළ කොඩිය එකවරම එසැවිණි.

“හය පාරක් අගමැති වෙචිච මිනිහට නැත්තං වෙන මොකක්ද තියෙන ලෙඩේ?” සෙස්සෝ විමසූහ.

“රනිල් අගමැතිකමට ආස නෑ. අගමැතිකම රනිල්ට ආසයි. මීට ඉස්සර පස්වතාවෙම වුනෙත් මිනිහා අගමැති කම කරන්න ගිහින් ඇර ගත්ත එකනේ. මේපාරත් එහෙම නොවී තියෙයි කියලා හිතනවද?” පොතට නම් තැබීම එතෙකින් අවසන් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන ප්‍රවාහනයට ආරක්ෂාව අවශ්‍යයි… ටැංකි රථ හිමියෝ පොලිස්පතිට ලියති!

Next Post

ඉන්ධන නොදුන් බව කියා පිරවුම්හල් හිමියාගේ නිවසට ගිනි තියයි!

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.