කැකිරාව, ඉපලෝගම, රන්ජයපුර ප්‍රදේශයේ පිහිටි අයිඕසී ඉන්ධන පිරවුම්හලක ඉන්ධන නොමැති වීම නිසා පිරවුම්හලේ අයිතිකරුගේ නිවස ගිනි තැබීමට කෝපයට පත් මැර පිරිසක් කටයුතු කර තිබේ.
මැයි 21 වැනිදා ඉන්ධන පිරවුම් හලෙහි වාහන විශාල සංඛ්‍යාවක් පෝලිම් ගැසී සිට ඇති අතර ඉන්ධන අවසන් වීම හේතුවෙන් ඉන්ධන සැපයීම නවතා දමා ඇත.
ඉන්ධන ලබා ගැනීමට නොහැකිව කෝප වූ පිරිසක් ඉපලෝගම, තිලකපුර ප්‍රදේශයේ පිහිටි පිරවුම්හලේ අයිතිකරුගේ දෙමහල් නිවසට රාත්‍රියේ විදුලිය විසන්ධි වූ මොහොතකදී ගිනි තබා තිබේ. ඒ මොහොතේදී අයිතිකරුගේ බිරිඳ හා දරු දෙදෙනා ද නිවස තුළ සිට ඇති අතර අසල්වැසියන්, ගම්වැසියන් හා ඉපලෝගම පොලිස් ස්ථානයේ නිළධාරීන් මැදිහත්ව ගින්න නිවා දමා පදිංචිකරුවන් බේරා ගැනීමට කටයුතු කර ඇත.
එහෙත් දරුවන්ගේ පාසැල් පොත්, අධ්‍යාපනික උපකරණ ඇතුළුව දේපළ විශාල සංඛ්‍යාවකට ගින්න හේතුවෙන් හානි සිදු වී ඇතැයි ඉපලෝගම පොලීසිය පවසයි.
දරු දෙදෙනාගෙන් එක් අයෙකු ලබන වසරේදී උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයෙකි.
නිවස ගිනි තැබූවන් සොයා මේ වන විට අනුරාධපුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඉපලෝගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.