fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

අහෝ මහින්ද නොදිටි මොක් පුර!

සති 2ක් ago
in කොලම
520 5
0
Share on FacebookShare on Twitter

colum

මැයි නවවැනිදා රටම ගිනිතබා හිටපු අගමැති මහින්ද සිය ධූරය ද අතහැර නැගෙනහිරට පළා ගියේය.

කලක් තිස්සෙ ඉවසිල්ලෙන් බලා සිටි අපායේ ආරාධනා කමිටුව අවසානයේ මහින්දට ආරාධනාවක් වට්ස්ඇප් කළහ. ඒ බව සැලවූ දිව්‍ය ලෝකය, නිල නිවාඩුවක් ප්‍රකාශයට පත් කර සත් දිනක් එකදිගට සාද පැවැත්වීමට තීරණය කළේය. කලක් හැට නව ලක්ෂයකින් මහින්ද ලද පුණ්‍යානුමෝදනා දැක දෙව් ලොව පවා කලබල වී සිටි බව විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසයි.

මහින්දට යැවූ ආරාධනය පිළිබඳ පසුදින යක්ෂ මීටිමේ දී කණ වැකුණු යමයාට යකා නැග්ගේය.

“කවුද යකෝ මූට ආරාධනා කළේ මට කියන්නේ නැතුව?” යමයා යක්ෂාවේශයෙන් ගිගිරුවේය.

යමයාගේ බහට පිටින් නොයන අපායේ ආරාධනා කමිටුව බියෙන් සලිතව ගියහ.

“ඇයි ලොක්කා අපි දැන්වත් මේ යෝධයට ආරාධනා කළේ නැත්තන් මෙහේ යක්කුත් අරගල කරන්න ගනියි. දැනටත් කනින් කොනින් ඇහෙනවා ‘මයිනා වෙල්කම් පාර්ටි’ වලට යක්කු රෙඩි වෙනවා. මුන් මෙහේ ලොක්කගේ විමානේ ඉස්සරහා ‘මයිනා ඕනේ ගමක්’ හදාගෙන ඒකව බෙදා ගන්න බැරුව ගහ මරා ගනියි කියලා හිතුන හින්දයි ඉන්විටේෂන් යැව්වේ” යක්ෂයෙක් අහිංසක හඩින් කීය.

“ඉතිං ගොන් යකෝ තොපි මැයි නව වැනිදම ඕක යැව්වේ ඇයි? මොකද මිනිහව ගෙන්න ගන්නව නම් ඊට ඉස්සර කරපු දේවලට දහ දොළොස්වතාවක්ම කැඳවන්න තිබුණනේ?” යමයා අදහා ගනු බැරිව ඇසීය.

“නවවැනිදා මයිනා දුන්නේ අපාය පවා කම්පා වෙන ගේමක්නේ බොස්. එවෙලේ හිටන් මෙහේ යක්කු කෑ කහනවා ‘මයිනා දියව් මයිනා දියව්’ කියලා” යකා සතුටෙන්  පුටුව අගටම ආවේය.

“මෝඩ යකෝ, ඌ එන එක මම මෙච්චර කල් පරක්කු කරේ ඇයි?” යමයා ඇසීය.

“ඇයි?” සෙසු යක්කු එක හඩින් ඇසූහ.

“බයට බයට. වෙන මොනවටද? ඒකා මගේ පුටුවටත් විදියිද කියලා බයට. අවුරුදු හැත්තෑ පහක් ගිහිල්ලත් කොණ්ඩෙ සුදු නොවුණු එකෙක් කොහොම විශ්වාස කරන්නද බං? (අපායේ කොණ්ඩා ඩයි කිරීම සහ වෙස් මාරැ කර සිටීම ලෝ දිය පෙවීමට වරදකි) හරි ඉතිං නවය මොකද වුණේ? ඇයි මිනිහා අය්යගේ පුටුවට ගේම දෙන්න හැදුවද?” යමයා බියෙන් වෙව්ලමින් ඇසුවේය.

“වක්‍රාකාරව ඒකටත් සම්බන්ධයි. ඒ මදිවට අරලිය ගෙදරට බස්වලින් සෙනග ගෙනත් රට ජාතිය ආගම යහමින් මිශ්‍ර කළ ප්‍රයිඩ්රයිස් කවලා සීයට තිස් තුනක්  අමන විසේ ඇති ගල් පොවලා  මන්ත්‍රී ඇමති මදාවි සෙට් එකක් දම්මලා ගෝඨාගෝගමට ගැස්සුවනේ ලොක්කා” යකෙක් දුකෙන් කීය.

“මූ පිස්සු යකෙක්නේ බං. ගෝඨාගෝගමේ ඉන්න උන්ට මමත් රෙස්පෙක්ට්නේ” යමයා ගැහෙන්නට ගත්තේය.

“ඒකනේ ලොක්කා” මෝඩ යකා සිනාසුනේය. යමයා මොහොතකට සිතුවිල්ලක පැටලූණේය.

“ඉතිං මයිනගේ ගෝලයෝ රොත්තටත් ආරාධනා යැව්වද?” අමතක වූ යමක් හදිසියේ සිහිවූවාසේ යමයා ඇසුවේය. කමිටුවේ සබාපති යකා හිස සලා ‘ඔව්’ යැයි කීවේය. යමයාට ප්‍රථම වතාවට මද සිනහවක් නැගුණි. ඒ හිනාව කුමක් දැයි අපායේ යක්කු දනිති.

“ඊට පස්සෙ මොකද වුනේ?” යමයා යළිත් කතාවට අවතීර්ණ වූයේය.

“ගෝඨාගෝගමට ගහපු තරහටයි, ප්‍රෙට්රල් ගෑස් විදුලිය කිරිපිටියි නැතිඑක මතක් කරලයි රටම නෙළුවනේ මැති ඇමති මංත්‍රීලගේ නිවෙස්වලට” යකෙක් උද්දාමයෙන් කීය.

“ඉතිං අපෙන් මොනවද වෙන්න ඕනේ කියලා හොයලා බැලුවේ නැද්ද?” ප්‍රීතිමත් යමයා අපේක්ෂා සහගතව යක්ෂ සභාවෙන් ඇසුවේය.

“අපිත් සපෝර්ට් එකට සෙට් එකක් බැස්සුවා. ඒත් වැඩක් වුණේ නෑ ලොක්කා” යකෙක් පසුබෑවේය.

“ඇයි?” යමයා වික්ෂිප්ත විය.

“සපෝර්ට් දෙන්න වුණේ නෑ. මෙහෙ කොහෙද ලොක්කා යක්කු ඉන්නේ. එහෙනෙ මහ ජරා යක්කු ඉන්නේ. උන් ඉවක් බවක් නැතුව වැඩ කරන්නේ. පොලිටිකල් ගේම් දෙකකට පර්සනල් එකහමාරක් ගහනවා” යකෙක් දුකෙන් කීය.

“දැන් කෝ මයිනා?” යමයා වට පිට බලමින් බියෙන් ඇසුවේය.

“කාලයක් පර දෙමෙළු ඉන්නවා කියලා එයාම කියපු නැගෙනහිර පළාතට වෙලා හැංගිලා ඉන්නේ” පණ්ඩිත යකෙක් කී.

“දැන් එතකොට කවුද අගමැති?” යමයා ඇසීය. පිළිතුර අසා යමයා පුටුවෙන් නැගිටුණේය.

“යකෝ, අපායෙත් නැති ගේම්නෙ බං මූ ගහන්නේ” යමයා තමාටම කියා ගත්තේය.

“ලොක්කා මම සෙට් එකක් බස්සලා මයිනව උස්සන් එන්නද?” මෝඩ යකා ඇසීය.

“පිස්සුද යකෝ? ඌ ලංකාවම අපායක් කරලනේ තියෙන්නේ. ආයේ මොන මගුලටද මෙහේ එක්කන් එන්නේ?”

“

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

යල කන්නයට පොහොර දෙන්න ඉන්දියාව රටේ නිතියත් වෙනස් කරයි !

Next Post

මේ අගමැති පාර්ලිමේන්තුවේ සිටින එම තනතුරට නුසුදුසුම පුද්ගලයා.. – සුමන්තිරන්..

Related Posts

colum

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්!

මැයි 22, 2022

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -02

ජනවාරි 5, 2021

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -01

දෙසැම්බර් 23, 2020

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ආර්ථිකය ස්ථාවරය කිරීමට අගමැතිගෙන් ඉහළ පෙළේ කමිටුවක්!
  • සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!
  • කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….
  • අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!
  • අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

“සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ආර්ථිකය ස්ථාවරය කිරීමට අගමැතිගෙන් ඉහළ පෙළේ කමිටුවක්!

by editor
මැයි 29, 2022
0

පවතින ආර්ථික තත්ත්වය ස්ථාවර කිරීමේ අරමුණින්...

සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!

by editor
මැයි 29, 2022
0

රට තුළ නිශ්පාදනය වන ආහාර මෙන්ම...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist