fbpx
සඳුදා, ජනවාරි 30, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

අවසන් කලු කොටියා හමුවීමි

2020 ජනවාරි 24

by editor
මැයි 30, 2020
in කොලම
462 5
Share on FacebookShare on Twitter

පසු ගිය දිනවල කාගෙත් අවදානයට ලක් වුණු, ලංකාවෙන් වඳවී ගියැයි මෙතෙක් කල් විශ්වාස කළ, ශ්‍රී පාදයෙන් හමුවූ දැනට ජීවත් වන එකම කලු කොටියා හමුවීමේ භාග්‍ය මට හිමි විය.

මම : අවුරුදු දහයකට පස්සේ තමයි කොටියෙක් ඉන්ටර්වීව් කරන්න හම්බවුනේ.

මා සතුට ප්‍රකාශ කළේ එලෙසිණි.

RelatedPosts

ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   

වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් කළ හෘද සාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය ලේඛණ 11000ක ගොනුකර නීතිපති දෙපාර්තමේන්තුවට…

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එල්ල වූ මරණ තර්ජන ගැන පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙන්න බෑ… කොමිසම ජනාධිපතිගෙන් මැදිහත් වීමක් ඉල්ලයි…

කොටියා : මහත්තයාලගෙ වාසනාව තමයි ඉතිං එක කොටියෙක් වත් මෙහේ ඉතිරි වුණු එක.

කොටියා ද සතුටින් කීවේය.

මම : දැන් ලංකාවේ ඉන්න ජනප්‍රියතම කොටියා විදියට, කොටින්ගේ ඉතිහාසය ගැන මොනවද කියන්න පුලුවන්?

කොටියා : කලු කොටි කියන්නේ ඈත අතීතයේ ඉඳන්ම මනුස්ස වර්ගයාට බොහෝම ආදරේ කළ සතෙක්.

මම : මට මතකයි. මට මතකයි. කාලයක් අපි ඒ ආදරේ දරා ගන්න බැරුව හිටියෙ.

කොටියා : මහත්තයා කිප්ලින්ගේ ‘ජන්ගල් බුක්’ කියවලා නැද්ද? ඒකේ ‘බගීරා’ කියන කලු කොටියා තමයි අන්තිමට ‘මෝග්ලි’ කියන මනුස්ස ළමයගේ පණ බේර ගන්නේ.

මම : අම්මපා. අපේ පොත් වල තියෙන්නෙත් ඔහොමමයි.

කොටියා : කොහොමද?

මම : අපි අන්තිමට කොටියගෙන් පණ බේර ගත්තා කියලා.

කොටියා : ‘මාවල් කොමික්’ කියවන්නෙ නැද්ද? අඩු ගානේ ‘බ්ලැක් පැන්තර්’ ෆිල්ම් එකවත් බලලා නැද්ද? කලු කොටියා තමයි දැන් අලුත්ම සුපර් හීරෝ!

මම : කොමික් නෙමෙයි. ඇත්තට කියනවකො කොහෙද සුපර්හීරො උන්දැ දැන් ඉන්නෙ?

කොටියා : ‘වකන්ඩා’ කියන රටේ. මායා ජාලයකුන් ලෝකයෙන් සැඟවී තියෙන නමුත් ලෝකයේ දියුණුම රට තමයි වකන්ඩා.

මම : ජංජාලයයි. මෙහෙ හිටපු උන් ඔක්කොම දැන් එහෙද? එහෙත් ලොක්කා ‘ප්‍රභා’ ද?

කොටියා : වකන්ඩා නායකයා තමයි කලු කොටියා (බ්ලැක් පැන්තර්). එයාට කාටවත් නැති සුපර් පවර්ස් තියෙනවා.

මම : සිරාවටම? කොච්චර විතර සුපර්ද? ඕන වුනොත් එහේ මහ බැංකුවට එයාර්පෝට් එකට ගහන්න වුනත් පුලුවන් තරම් සුපර්ද ?

කොටියා කතාව මදක් නවත්තා මා දෙස කණස්සල්ලෙන් බලා සිටියේය.

කොටියා : මහත්තයට කොටි ගැන තේරෙනවා ටිකක් මදි වගේ නේද?

මම : ඒ කතාව නම් අපේ තාත්තත් නිතර කියනවා.

කොටියත් මමත් සකච්චාව ඉදිරියට ගෙන යා නොහී දෙඅත බලා සිටියෙමු.

මම : හරි දැන් ලංකාවේ අවසාන කලු කොටියා විදියට මොකක්ද ඔහේට ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නෙ?

කොටියා : බලන්නකෝ මහත්තයෝ ලංකාවට පයවත් ගහපු නැති අර පර සිංහයා ඕගොල්ලෝ කොඩියකටත් දාගෙන. ඒකට දාගන්නකෝ ලාංකික කොටියෙක්ගේ ෆොටො එකක්.

මම : ඒක නම් ටිකක් අමාරුයි ලොක්කා. ලංකාවෙ දැන් කොටියෙකුට ඉන්නේ ඔහේ විතරයි. ඒ වුනාට සිංහයො කෝටි දෙකක් ඉන්නවා.

කොටියා : මම දන්නෑනෙ ලංකාවේ එච්චර සත්තු ඉන්නවා කියලා. එහෙනම් මම වෙන මොනව හරි ඉල්ලන්නද?

කොටියා බැගෑපත් විය.

මම : හරි හරි ඕන දෙයක් ඉල්ලනවා, නිජබිම ඇරෙන්න.

කොටියා : උපන් බිමේ අයිතිය ඕනේ නෑ බොස්. පණ බේර ගෙන සාමයෙන් ඉන්න අපිව සංරක්ෂණයට කරන්න කියලා බලධාරීන්ට කියන්නකො.

මම : ආ. සංරක්ෂණය නම් සුලු දෙයක්. ඒත් පොඩී ප්‍රශ්නයක් තියෙනවා.

කොටියා : ඒ මොකක්ද?

මම : අපි සාමාන්‍යයෙන් කොටි සංරක්ෂණය කරන්නේ මරලා.

අසලින්ම ශබ්දයක් ඇසුනෙන් මම හිස ඔසවා බැලීමි. කලු කොටියා පෙනෙන්නට සිටියේ නැත. සතෙක් කැලේ කඩාගෙන දුවන ශබ්දය පමණක් ඈතින් ඇසිණි. එකම කොටියා සමග කළ එකම සංවාදය ද එසේ නිමා විය.

2020.05.30
එසේ දිව යද්දී මිනිසුන් ඇටවූ උගුලකට හසු වී අවසන් කලු කොටියා මිය ගියේය. අපට දැන් ඌ පුළුන් පුරවා සංරක්ෂණය කළ හැකිය.

Share84Tweet46
Previous Post

එක් හේතුවක් නිසා මැරෙන්න නොසිතන්න… ජීවත් වෙන්න හේතු දාහක් තිබේ…

Next Post

ඔයාගේ සමාජ දුරස්ථ භාවය ඔයා තියාගන්න… ජීවන් තොණ්ඩමන් අනිල් ජාසිංහට තර්ජන කරයි…

Related Posts

colum
කොලම

රනිල් පුතා හොඳ ළමයා!

ජූලි 18, 2022
colum
කොලම

ගෝඨා නැවත එයි!

ජූලි 15, 2022
colum
කොලම

කෘතගුණ සැලකීමට මොන පාට අඳිමු ද?…

ජූනි 28, 2022
Next Post

ඔයාගේ සමාජ දුරස්ථ භාවය ඔයා තියාගන්න... ජීවන් තොණ්ඩමන් අනිල් ජාසිංහට තර්ජන කරයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   
  • වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් කළ හෘද සාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය ලේඛණ 11000ක ගොනුකර නීතිපති දෙපාර්තමේන්තුවට…
  • මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එල්ල වූ මරණ තර්ජන ගැන පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙන්න බෑ… කොමිසම ජනාධිපතිගෙන් මැදිහත් වීමක් ඉල්ලයි…
  • හිරුණිකාට එරෙහි නඩුව – නඩු විභාගයට දින නියම කිරීමට 28 වැනිදා නඩුව යළි කැඳවයි!
  • මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන ආවෙ ඩුබායි රාජ්‍යයෙන්…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   
  • වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් කළ හෘද සාක්ෂියේ දිවුරුම් ප්‍රකාශය ලේඛණ 11000ක ගොනුකර නීතිපති දෙපාර්තමේන්තුවට…
  • මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට එල්ල වූ මරණ තර්ජන ගැන පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙන්න බෑ… කොමිසම ජනාධිපතිගෙන් මැදිහත් වීමක් ඉල්ලයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist