බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

නැදුන්ගමුවේ ඇත් රජු යළි ජීවමාන කළ ගීතය…

by editor
ඔක්තෝබර් 23, 2022
in කලා, පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සමයේ අතිශය ප්‍රසිද්ධියට පත්වන මග දෙපස රැස්වී සිටින ජනයාගේ ගෞරවාදරයට ලක් වන නැදුන්ගමුවේ රාජා ඇතා අදටත් රටේ ජනතාවගේ මනසේ ඇදී ඇත්තේ චිත්‍රයක් සේ ය.

යළි යළිත් ඒ මතකය අවදි කරන්නට නැදුන්ගමුවේ රාජා නමින් ලියවු ගීතයක් මේ දිනවල සමාජ මාධ්‍යය ඔස්සේ රස විඳින්නට හැකි වන්නේය .

නැදුන්ගමුවේ රාජා ඇතාගේ ඉතිහාසගත සිදුවීම් ගාම්භීර බව තේජාන්විත බව මනා කොට කැටි කරමින් පද පෙළ ගසා තිබූයේ දීපිකා රත්නායක විසිනි. ශ්‍රාවක මනස දැහැන්ගත කරවන පරිද්දෙන් සංගීතවත්කොට තිබූයේ ප්‍රියන්ත නාවලගේ සංගීත ශිල්පියා විසිනි. හදට දැනෙන අයුරින් ගීතය ගායනා කරන්නේ   ධනංජය ගජනායක තරුණ ශිල්පියා විසිනි.

ගීතය සංගීතවත් කළ ප්‍රියන්ත නාවලගේ, පද පෙළ රචනා කළ දීපිකා රත්නායක සහ ගීතය ගායනා කරන ධනංජය ගජනායක ….

ජීවන ගමනේ කෙළවර සියල්ල හැරදා යාම වුවත් මේ පින්වන්ත සත්වයා තවමත් අපි අතර ජීවත් වන බවට හැඟීම් දනවන පරිද්දෙන් මේ ශිල්පී සුසංයෝගයෙන් ගීතය නිර්මාණය වී තිබෙන බව සැබෑය.

ගීතය පිළිබඳ අදහස් දක්වමින්  ගීතය සංගීතවත් කළ ප්‍රියන්ත නාවලගේ අප හා සංවාදයට එක් විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

” මම සෑම මොහොතකම පාහේ උත්සාහ කරනු ලබන්නේ හැකියාව ඇති කාගේ හෝ උදව්වක් නැති තරුණ ශිල්පීන්ට උදව් කිරීමට යි. බොහොමයක් තරුණ දූ දරුවෝ කුසලතා වර්ධනය කරමින් තමන්ගේ හැකියාව ඔපමට්ටම් කර ගන්නට ක්‍රමයක් නොමැතිව ලත වෙනවා. එසේත් නැතිනම් තමන්ගේ දක්ෂතා මතු කර ගත නොහැකිව එය හරිහැටි හඳුනා ගත නොහැකිව ලත වෙනවා. මේ සියල්ල සමග මගේ නිර්මාණ එළි දක්වන්නට උත්සාහ ගන්න සෑම අවස්ථාවකදීම තරුණ දූ දරුවන්ට අතහිත දීමට මා කැමතියි. එවන් අවස්ථාවක තමයි මට ධනංජය ගජනායක හමුවන්නේ. ධනංජය දක්ෂතා ඔප්නංවා ගැනීමට කැමති තරුණයෙක්. මේ ගීතයේ අර්ථය ඔහුගේ හඬ සමග ඉතා සමීපතාවය කින් මුසු වෙන බව මට කියන්න පුළුවන්. ඔහු ගීතයට හොඳ සාධාරණයක් ඉටු කළා මේ ගීතය ලියවෙන්නෙ නුවර ප්‍රදේශයේ වෙසෙන දිපිකා රත්නායක ගේ පෑන් තුඩින්.“

ඇය ගී පද රචනයට ඉතා ඇල්මක් දක්වන්නියක්. ඇයගේ ගී පදවල නැදුන්ගමුවේ රාජා ඇතාගේ ඉතිහාසය වර්තමානය ලියවිලා තිබුනා. ඒ පද වල අරුත මනා ලෙස ගැලපිලා තිබුණා. නැදුන්ගමුවේ රාජා ඇතාගේ විලාසය මගේ හිතේ නිතරම සිතුවමක් සේ ඇදී තිබෙන බව මට දැනුනත් ඒ ගමන් තාලය ඔහුගේ වියෝව සමග ජනතාවගේ වේදනාව ඉතා හොඳින් සංගීතය සමඟ මුසු කළ බව මට කියන්න පුළුවන්.    ප්‍රියන්ත නාවලගේ සංගීත ශිල්පියා කියා සිටියේ එවන්නක්..

පද පෙළ එකින් එක පිළිවෙලට ඇමිණූ දීපිකා රත්නායක කියා සිටියේ මෙවැන්නක්..

” මා ප්‍රියන්ත නාවලගේ සංගීතඥයා වෙත මගේ ගී පද රචනා බොහොමයක් ලබා දී තිබෙනවා. ඔහු ඒ ඒ පදවල අර්ථය රසය සියල්ල ගැලපෙන හඬක් හා මුසුකොට ගීතයක් බවට පත් කරන අයෙක්. මෙවර ඔහු මට ආරාධනාවක් කළා නැදුන්ගමුවේ රාජා ගැන පදපෙළක් ලියන්න.   මා මේ පද පෙළ ලියන්න කලින්  තරමක කාලයක් ගෙන නැදුන්ගමුවේ රාජාගේ උප්පත්තියේ සිට මරණය දක්වා කාලය සම්බන්ධයෙන් හොඳ අධ්‍යයනයක් කළා. අධ්‍යයනයේ දී මතු වූ ප්‍රබල කරුණු නොදැනුවත්ම වාගේ ගී පද පෙඝට එකතුවෙලා.

මම ජීවත් වෙන්නේ මහනුවර. ඇසළ පෙරහැර මංගල්‍යය පවත්වන සෑම දිනකම බෙරහඬ හොරණෑ හඬ අපේ නිවෙසට ඉතා හොඳින් ඇහෙනවා. නැදුන්ගමුවේ රාජා ඇතාගේ පුරාවෘත්තය කියවූ මොහොතේ පෙරහැරේ හඬත් සමඟ සියල්ල මගේ සිතේ සිතුවමක් ලෙස චිත්‍රණය  වුණා. මට උවමනා උනා ඒ සිතුවම එපරිද්දෙන්ම ශ්‍රාවකයා වෙතට ළඟා කරන්න. මම හිතනවා මගේ ලියැවිල්ල සාර්ථක වුණා කියලා..

මා නර්තන ගුරුවරියක්. ඒ පසුබිමත් මේ පද රචනයට එකතු වෙන්න ඇති.    මා ලියූ ගීත අතරින් නැදුන්ගමුවේ රාජා පිලිබඳ ලියවුනු ගීතය සුවිශේෂ යි.”

සංගීතය  සමඟ මුසු වූ ගී පද ධනංජයගේ හඬින්   සවනත වැකෙන විට නැදුන්ගමුවේ රාජා පිළිබඳ සියලු මතකයන් යළි යළිත් දෑස් මත විචිත්‍රවත් වෙයි. ධනංජය ඔහුගේ ඒ දායකත්වය සිහිකරන්නේ මෙලෙසින්…

” මම මොණරාගල දොඹගහවෙල තමයි ජීවත් වෙන්නේ. නුවර පෙරහැර මගේ සිතේ නිතර ගෞරවයට පාත්‍ර වූ පෙරහර මංගල්‍යය ක්. ප්‍රියන්ත නාවලගේ මහත්මයා මේ ගීතය ගායනා කරන්න මට ආරාධනා කරද්දී මට ලොකු සතුටක් දැනුණා. මම බොහොම කැමැත්තෙන් මේ ගීතය ගායනා කළේ. ඒ නැදුන්ගමුවේ රාජා ඇතාට මගේ යුතුකම ඉටු කළාක් වැනි හැඟීමෙන්.“

“මේ ගීතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. රටේ ජනතාවගෙන් බහුතරයක් ම ඇතා පිළිබඳ ඉන්නේ දුකෙන්… වේදනාවෙන්… ජිවිතේ අනිත්‍ය බව මරණයෙන් පසක් වුණත් මේසා ගෞරවයට පාත්‍ර වූ සත්වයෙක් මෙලොව හැර ගිහාම මිනිසුන්ගේ සංවේදනා අවදි වෙනවා.  එවන් මොහොතක ජනතාවගේ හිතට මුමුණන්න හැකි වීම මා ලද භාග්‍යයක්…

Share69Tweet43
Previous Post

වික්ටොරියා අධි ආරක්ෂිත කලාපයේ ඩ්‍රෝන යැවූ තරුණයින්ගෙන් කිහිප දෙනෙක් කටාර් සිට මෑතකදි පැමිණි අය..

Next Post

චීන ජනපති මාඕ සේතුංට සමාන වෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.