නෙදර්ලන්තය පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක ජයග්‍රහණයක් මීට ස්වල් වෙලාවකට පෙර වාර්තා කළේය. ඒ සමගම ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12ට තේරුනේය.
ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ඒ ඛාණ්ඩයේ තරගයක් ලෙස පැවති ශ්‍රී ලංකා නෙදර්ලන්ත තරගය පැවැත්වුනේ ඔස්ට්‍රේලියාවේ ගීලෝන්හි දීය.
කාසියේ වාසිය ලබාගෙන මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් නෙදර්ලන්තයට ලබා දුන්නේය. එම ඉලක්කය හඹාගෙන ගිය නෙදර්ලන්ත ක්‍රීඩකයෝ කඩුලු 09ක් දැවී ලකුණු 149කට සීමා වූහ.
නෙදර්ලන්ත ඉනිම වර්ණවත් කළ විශිෂ්ට පිතිකරුවා වූයේ ආරම්භක පිතිකරු Max O’Dowd ය. ඔහු මුල්ම පන්දුවට පහර දීමේ සිට එක් අන්තයක් අති විශිෂ්ට ලෙස ආවරණය කරමින් අපේ පන්දු යවන්නන් බිහිසුණු ප්‍රහාරයකට ලක් කළේය.

ඔහුගේ පිතිකරණය හමුවේ ලංකාවේ ජයග්‍රහණය ගිලිහී යනු ඇතැයි විටෙක සිතිනි.
හතරේ පහර 05ක් සහ හයේ පහර 03ක් සමගින් ලකුණු ඔහු පන්දු 53ක දී නොදැවී ලකුණු 71ක් ලැබුවේය. මහීෂ් තීක්ෂන සහ බිනුර ප්‍රනාන්දු ඔහුගේ දැඩි ප්‍රහාරයට ලක් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ආකර්ශනීය පන්දු යැවිමක යෙදුණු වනිඳු හසරංග පන්දු ඕවර හතර අවසානයේ දී ලකුණු 28කට කඩුළු 03ක් ලැබීය. මහීෂ් තීක්ෂණ ලකුණු 32කට කඩුළු 03ක්, බිනුර ප්‍රනාන්දු ලකුණු 33ට කඩුල්ලක්, ලහිරු කුමාර ලකුණු 28ට කඩුල්ලක් ලැබුවේය.
ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 162ක තියුණු ඉලක්කය ලබා දෙන්නේ ආරම්භක පිතිකරු යුවලෙන් අයෙක් වූ කුසල් මෙන්ඩිස් විසින් පන්දු 44ක දී ලබාගත් වේගවත් ලකුණු 79 පදනම් කරගනිමිනි. කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංක අතර ගොඩනැගුණු ලකුණු 60ක සම්බන්ධය ශ්‍රි ලංකා ඉනිම ස්ථාවර කළේය. චරිත් අසලංක ලකුණු අතරට පැමිණියේය. ඔහු පන්දු 30ක දී ලකුණු 31ක් ලැබුවේය.
නෙදර්ලන්ත ආරම්භක පිතිකරු Max O’Dowd නොදැවී ලබාගත් වේගවත් ලකුණු 71 සහ නායක Scott Edwards පන්දු 15ක දි ලබාගත් ලකුණු 21ක හැරුණු විට අනෙක් පිතිකරුවන් සාර්ථක වූයේ නැත .
අනෙක් එක් නෙදර්ලන්ත පන්දු යවන්නෙක්වත් ලකුණු 20 සීමාව පසු කළේ නැත.
මේ ලිපියත් බලන්න…







