ඛණිජතෙල් නිශ්පාදන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයේ දී වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුව දී සම්මත වූයේය.
පනතට පක්ෂව ඡන්ද 77ක් සහ විපක්ෂව ඡන්ද 17ක් ලැබිණි.
මෙම පනත මුල් අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් විය. අනතුරුව වෘත්තීය සමිති ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිළිපන්හ.







