මැතිවරණ කල්දැමීමට එරෙහිව ක්රියාමාර්ග ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී අද (12) කොළඹ දී පවත්වා ඇත.
ඊට සමගි ජනබලවේගය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය සහ නිදහසේ ජනතා සභාව ඇතුළු පක්ෂ 16ක් එක් වී සිටියේය.
ජාතික ජනබලවේගය හැර විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ මෙන්ම පෙරටුගාමී සමාජවාදි පක්ෂයද එම සාකච්ඡාවට සම්බන්ධ වී ඇත.
විපක්ෂ දේශපාලකයින් පැවසුවේ විපක්ෂයේ පක්ෂ ලෙස මැතිවරණය කල් දැමීමට කිසිසේත්ම එකඟ නැති බවය.
ජනතාව ඉතාම ඉතාම පීඩාකාරී තත්ත්වයක් අත්විඳිමින් නොසන්සුන්ව සිටිනා වකවානුවක ගත හැකි ඉතාම සුදුසු පියවර නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම බව ඔවුහු පෙන්වා දුන්හ.
මැතිවරණ කොමිමේ සභාපතිවරයා අද කරුණු දක්වමින් ප්රකාශ කලේ කෙසේ වෙතත් මාර්තු 20ට පෙර පළාත් පාලන මැතිවරණයක් පවත්වන බවත් මේ වනවිට තම කොමිසමට මැතිවරණයක් ප්රකාශ කිරීමේ බලය හිමි වී ඇති බවත්ය.







