කැලණිය පට්ටිය හන්දියේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබේ.
මහ මග ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හඹා ගොස් ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් පිස්තෝලයකින් වෙඩි තබා මෙම පුද්ගල ඝාතනය සිදුකර තිබේ.
ප්‍රදේශයේ විදුලිය විසන්ධි වූ අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු වී ඇත. විදුලිය යථාවත් වනවිට වෙඩි වැදී වැටී සිටි පුද්ගලයා දැක අවට සිටියවුන් ඔහුව රෝහල් ගත කර තිබේ.
ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත. තවමත් මිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු වී නැති බව පොලිසිය කියයි.
විදුලිය විසන්ධි වූ අවස්ථාවේ දී සිදුවුන මෙම ඝාතනය සම්බන්ධ සීසීටීවී දර්ශන ඇතුළු සාක්ෂි සොයා ගැනීම තරමක් අසීරුවනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.







