මුතුරාජවෙල තෙත් බිම් රක්ෂිතය ගිනි ගත්තේය. මහා ගින්නක් බුරබුරා පැතිරෙන්නට වූයේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීම අනුව ගුවන් හමුදාව ගින්න මැඩ පැවැත්වීමට පැමිණියේය.

විශේෂ ජල බහාලුමක්වන බම්බි බකට් එකක් ( Bambi Bucket ) සහිත අංක 4 බලගණයේ බෙල් 412 හෙළිකොප්ටරයක් මෙහෙයුම සඳහා කටුනායකින් පිටත් විය. මෙම ජල බහාලුමේ ධාරිතාවය ලීටර 960කි. මෙහෙයුම ක්‍රියාත්මක වූයේ ඊයේ (26) සවසය.

මෙම ජල බහාලුම් 22ක් ගුවනේ සිට ගින්න මත මුදා හැරිනි. මෙහෙයුමට අතිරේක සහාය ලබා දීමට ගිනි නිවන රථ සහ ගිනි නිවන භටයන් භූමියේ සිටියේය.

මීට අමතරව, තත්වය නිරන්තරව අධීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන ස්ථානගත කර ඇත.
මේ ඒ් මෙහෙයුම සිදුවූ ආකාරයයි….







