ටාටා සමූහය එයාර් ඉන්දියා හා එයාර් එක්ස්ප්‍රස් සඳහා ආක්‍රමණශීලි ව්‍යාපෘති සැලැස්මක් සකස් කර ඇති අතර ලබන වසරේ මුල් කාර්තුවේදී බෝයිං 777-200 ගුවන් යානා හයක් හා එයාර්බස් ඒ 320 ගුවන් යානා 25ක් ද එම ගුවන් යානා සමාගම්වලට ලබා ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
පුළුල් බොඩි ජෙට් යානා 200ක් පමණ සඳහා ඇණවුම් ලබ දීමේ අවසන් අදියරේ පවතින අතර කෙටිකාලීනව ධාරිතාව වැඩි කිරීම සඳහා ද්විතීයික කල්බදු වෙළෙඳපොළෙන් ගුවන් යානා ලබා ගැනීමට සැලසුම් කරමින් සිටින බව ද ටාටා සමූහය පවසයි.
බෝයිං 777 ගුවන් යානා එක්සත් ජනපද ගුවන් සමාගමක් වන ඩෙල්ටා’ වෙතින් බදු දෙනු ලබන අතර කොවිඩ් වසංගත තත්ත්වයේදී ගුවන් යානා 18ක් ක්‍රමානුකූලව ඉවත් කර තිබේ. එම ගුවන් යානා ඔක්තොම්බර් මාසය වන විට ගුවන් යානා සමූහයට එකවෙනු ඇති අතර එය ගුවන් සමාගමයට වැඩි ලාභයක් හිමි කරන ඉන්දියා – එක්සත් ජනපද ගුවන් මාර්ගයේ ගුවන් ගමන් වැඩි කර ගැනීමට භාවිතා කරනු ඇතැයි සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.







