පාකිස්ථානයේ ලාහෝර් මහාධිකරණය විසින් ගුජ්රන්වාලා දිස්ත්රික්කයේ පොලිසිය හට පැහරගෙන ගොස් බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට හැරවූ කතෝලික දැරියක අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ඇත.
මහාධිකරණය විසින් මෙම නියෝගය කර ඇත්තේ අදාල දැරියගේ දෙමාපියන් විසින් අධිකරණය ඉදිරියේ ගොණු කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව අදාල දැරිය තවමත් 14 හැවරිදි වියේ පසුවන බවත් ඇයව බලහත්කාරයෙන් විවාහ කරගත් පුද්ගලයා ඇයව වෙනත් පුදගලයෙකු හට විකිණීමට තැත් කරන බවද ඇගේ දෙමාපියන් පවසයි.