මේ වනවිට සිංගප්පුරුවේ ගත කරන පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට 11 තායිලන්තයේ බැංකොක් නුවර බලා යෑමට සැලසුම් කර ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
ඔහුගේ තායිලන්ත සංචාරය මූලාශ්‍ර දෙකකින් තහවුරු කළ බව ද රොයිටර් පුවත් සේවය කියයි.
පසුගිය ජූලි 14 දා මාලදිවයිනේ සිට සිංගප්පුරුව වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ අනතුරුව සිංගප්පූරුවේ රැඳී සිටීම සඳහා දින 14ක කාලයක් වීසා දිගු කරගත්තේය.
අනතුරුව ඔහු වෙනුවෙන් තවත් 14ක් වීසා දීර්ඝ කරන මෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරනු ලැබුවේය. එම වීසා දීර්ඝ කිරීම අනුමත වුනා ද නැද්ද යන්න පිළිබඳව නිශ්ඡිත තොරතුරක් නැත.
මේ පිළිබඳව රෙයිටර් පුවත් සේවය විසින් තායිලන්ත රජයේ ප්‍රකාශිකා රට්චාධා තනාදිරෙක් ගෙන් විමසා ඇති අතර එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ මෙම ගමන පිළිබඳව ඇයට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.