දිනසේන රතුගමගේ –
ජූලි මස 1 දා සිට යාපනය අන්තර් ජාතික ගුවන් තොටුපල යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා යාපනයේ කළ සංචාරයේදී යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපල වෙත පැමිණ එය නිරීක්ෂණය කිරීමෙන් පසුව මේ බව කියා සිටියේය.
ඒ අනුව ජූලි මස 1 දා සිට ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් යානා වලටද වෙනත් රටවලින් පැමිණෙන ගුවන් යානා වලටද යාපනය ගුවන් තොටුපල වෙත පැමිණීමට හැකියාව ලැබෙන ආකාරයට යාපනය අන්තර් ජාතික ගුවන් තොටුපලේ කටයුතු ආරම්හ කරණ බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මින් පෙර අවස්ථා කීපයකම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා යාපනය අන්තර්ජාතික ගුවන්තොටපල ඉක්මනින් විවෘත කිරීමෙන් රටට ඉන්දියානු ආධාර පහසුවෙන් ලබා ගත හැකි ආකාරය ගැන අවධාරණය කර තිබිණි.
මේ සංචාරයට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා යාපනය සංවර්ධන කමිටුවේ සම සහාපති අංගජන් රාමනාදන් ගුවන්තොටුපල ප්‍රධානි උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර ජී.ඒ.චන්ද්‍රසිරි ඇතුළු පිරිසක් ඊට එක් වී සිටියහ.







