සිකුරාදා, ජූලි 3, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවෙන් එන යූරියා විස වුනොත් කරන දේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි!

by editor
ජූනි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන යූරියා පොහොර තොගය ඉන්දීය ප්‍රමිතියට අනුව ඉන්දියාව ඕමානයෙන් ආනයනය කරන පොහොර තොගයෙන් කොටසක් බැවින් එය ලංකාවේ යූරියා සම්බන්ධ ප්‍රමිතියට වෙනස් වීමට ඉඩ ඇති බවත් තවම නිශ්ඡිත වශයෙන් කිව නොහැකි එම කාරණාව තහවුරු කරගත හැක්කේ ජාත්‍යාන්තරව පිළිගත් පරීක්ෂණයකින් බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ලංකාවට ඉන්දීය ආධාර යටතේ ලැබෙන පොහොර වගාවට නොගැලපෙන්නේ යැයි සමාජය තුළ මතුව ඇති අදහස පිළිබඳ ආචාර්ය අජන්ත ද සිල්වාගෙන් ලංකාසර කළ විමසීමට පිලිතුරු දෙමිනි.

එහිදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ ඉන්දියාවෙන් ණය ආධාර යටතේ ලැබෙන්නට නියමිත යූරියා සම්බන්ධව මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වශයෙන් අප සාකච්ඡා වට කීපයක් පවත්වලා තියනවා.

RelatedPosts

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

පොහොර ආනයනයේ දී ලංකාවට උචිත පොහොර ගෙන එන්න පොහොර විධි විධාන පනත යටතේ නිගමනය කිරීමේ අයිතිය තියෙන්නෙ කෘෂිකර්ම බලධාරීන්ට. අපි අපේ නියාමනයන් සලකා බලමින් ලංකාවට යූරියා ගෙන එන්නේ නම් 2014 වසරේ අනුමත වූ ප්‍රමිතිය පරිදි යූරියා වල බයුරේට් අනුපාතය සියයට එකක් විය යුතුයි. මේ ආකාරයේ බියුරේට් සියයට 1ක් සහිත පොහොර ගෙන්වන්න නම් අපි ශ්‍රී ලංකා රජය වශයෙන් අදාල ආයතනය සහිත රටට මුදල් ගෙවිය යුතුයි. ඇත්තම කාරණාව දැන් අපිට මුදල් නෑ.

මේ අවස්ථාවෙ පොහොර ආනයනය සඳහා අපට ණය ආධාර දෙන්නෙ ඉන්දියාවෙන්. ඉන්දියාව එක්සීම් බැංකුව හරහා දෙන ණය මුදල යොමු කරන්නෙ ඔවුන් පොහොර ගෙන්වන ඕමාන රටට. ඕමානයෙන් පොහොර ඉල්ලුම් කරන්නේ ඉන්දියාව. එවිට ඕමානය පොහොර ලබා දෙන්නේ ඉන්දියාවේ නියාමන පනත අනුවයි. ඉන්දියාවට උචිත පරිදි යූරියා වල බයුරේට් සංයුතිය 1.5% ක් බව ඉන්දියාව පිළිගෙන තිබෙනවා.

එසේනම් අපට ලැබෙන්නේ ද 1.5% ක් බයුරේට් අඩංගු යූරියා ද යන්න තවමත් නිශ්චිත නෑ. එය නිශ්චිතව දැන ගත හැකි වන්නේ ජාත්‍යන්තර තත්ත්ව පරීක්ෂාවෙන් අනතුරුව ලැබෙන තත්ව සහතිකය මත යි. එම තත්ත්ව සහතිකයට අනුව ඒ යූරියා ශ්‍රී ලංකාවේ වී වගාවටට නුසුදුසු නම් එම පොහොර තොගය රට තුළට ගෙන ඒමට විරුද්ධ වීමේ අයිතියක් රජයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තියනවා.

අප හමුවේ තිබෙන්නෙ ප්‍රායෝගිකව උචිතම තීන්දුව ගැනීමේ අභියෝගය. ඉදිරි ජූලි මාසයේ ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත මෙම යූරියා තොගය පැළ ගොයමට හානි කර නම් සති හතර හය හත ඉක්මවූ පසු යෙදීමට අවසර ලබා දිය හැකියි.

සමහර එළවළු සහ වෙනත් පැගිරි බෝග සඳහා එම යූරියා නුසුදුසු බවට මතයක් පැවැතිය ද තත්ව පරීක්ෂණ සහතිකය ලැබෙන තෙක් ඒ පිළිබඳව නිශ්චිතව නිගමනයක් කරන්න බෑ.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජූලි 01 වැනිදා සිට යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපල යළි විවෘත වේ…

Next Post

මුලතිව් විශ්වමඩුවල දී ඉන්ධනහලක් අසල ප්‍රචණ්ඩාකරී පිරිසක් හා හමුදාව සමගත් ගැටෙයි…

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026
පුවත්

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

ජූලි 3, 2026
පුවත්

දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

ජූලි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026

මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!

ජූලි 3, 2026

දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

ජූලි 3, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!
  • මහනුවර නගර සභා ට්‍රැක්ටරයක් අඩි 30ක බෑවුමකට පෙරළෙයි: රියදුරු මියගොස් දෙදෙනෙකුට බරපතළයි!
  • දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.