අම්බලන්තොට පොලිස් වසමේ පිහිටි උස්සන්ගොඩ වැලිපටන්විල මුහුදු වෙරළේ රැල්ල පාගමින් සිටි පිරිසක් රැල්ලකට හසුවී අද දහවල් ගසාගෙන ගොස් ඇත.
සිව් දෙනෙක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර එක් අයෙක් දිවි බේරාගෙන ගොඩබිමට පැමිණ තිබේ.
55 හැවරදි මවක් 16 හැවිරදි එම මවගේ දරුවා සහ 22 හැවරදි ඥාති පුතෙක් මෙසේ දියඹට ගසාගෙන ගොස් තිබේ.
උස්සන්ගොඩ විහාරස්ථානය වන්දනා කිරීමට පැමිණ රැල්ල පෑගීමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ඔවුන් මුහුණ දී තිබේ.
විශාල රැල්ලක් ඇවිත් ඔවුන්ව ගසාගෙන ගිය බව සඳහන්ය.
මුහුදට ගසාගෙන ගිය තිදෙනාගෙන් කිසිවෙකුත් සොයාගෙන නැති අතර නාවික හමුදා කිමිදුම් කරුවන් මෙහෙයුමක් ආරම්භකර තිබේ.
ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.