බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැයි 09 වැනිදා ජොනීගේ කතාව මනෝ වෛද්‍යවරුන් දෙදෙනකුට යොමු කරයි !

by editor
ජූනි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය මැයි 09 වනිදා හිටපු අගමැති මහින්ද රාජපක්ෂට පක්ෂපාතී පිරිස් විසින් ගාලු මුවදොර සාමකාමී උද්ඝෝෂණයේ නිරත පිරිසට එල්ල කළ මැර ප්‍රහාරය ට මොහොතකට පෙර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු   අරලියගහ මන්දිරයට රැස්ව සිටි පිරිස අමතමින් සිදු කරන ලද ආන්දෝලනයට තුඩු දුන් කතාව පිළිබඳව මනෝවෛද්‍ය මතය විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන  අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන  අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියාය.

ඒ අනුව එම කතාව මනෝ වෛද්‍යවරුන් දෙදෙනකු වෙත යොමු කිරීමට කටයුතු කරන බව  අතිරේක සොලිසටර් ජනරාල්වරිය කීවාය. ඇය මේ බව ප්‍රකාශ කළේ එම ප්‍රහාරයට අදාල මහෙස්ත්‍රාත් පරීක්ෂණය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් කිරීමට ද පියවර ගන්නා බවය.

ඊට අමතරව මහින්ද කහඳගම, දිලිත් ප්‍රනාන්දු සහ නිශාන්ත ජයසිංහ මෙම නඩුවේ සෙසු සැකකරුවන් ලෙස නම් කිරීමටද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියාය.

ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය  අගතියට පත් පාර්ශවය වෙනුවෙන් මහෙස්ත්‍රාත් හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම මැර ප්‍රහාරය වළකවා නොගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම්කළ යුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙතෙක් සැකකරුවෙකු ලෙස නම් නොකිරීම පුදුමයට හේතුවක් බවයි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

එසේම ඒ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය නියෝජනය කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ද මෙම ප්‍රහාරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට වළක්වා ගත හැකිව තිබූ එකක් වුවද ඊට පෙර දිනයේ පොලිස්පතිවරයා ලිඛිත උපදෙස් දී තිබියදීත් මෙම සිද්ධිය වැළැක්වීමට ඔහු ක්‍රියා නොකළ බව අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

මේ කතාවත් කියවන්න…

ජොනී අරලියගහ මන්දිරයේ දී “ කපුටෙක් මරා තට්ටක් එල්ලීමට පෙර“…. විනාශයක් නිර්මාණය කරන අයුරු…..

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට චීස්, රට චොක්ලට්, ඇපල්, දොඩම්, මිදි මත සියයට සීයකට වඩා අධි භාරයක්!

Next Post

පරිගණක චිප් එකට තායිවාන චීන අරගලයක්

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.