චීන නාවික හමුදාව විසින් නාවික හමුදා යුධ තාක්ෂණය නවතම මානයකට ගෙනයමින් අති නවීන මිසයිලයක් අත්හදා බැලීමත් සමඟ ගෝලීය බලතුලනය නවතම මානයකට යොමු කිරීමට ඉඩ ඇති බවට වාර්තවේ.
ඒ අනුව මෙම නව මිසයිල අත්හදා බැලීමත් සමඟ චීනයේ නාවික ශක්තියත් එමගින් සෙසු නාවික හමුදාවන්ට එල්ලවිය හැකි බලපෑමද ඉහළගොස් තිබේ. අදාල මිසයිලය නාවික යාත්‍රා විනාශ කිරීම සඳහා නිර්මාණය කර තිබේ.
වයි ජේ 21 ලෙසින් නම්කර ඇති මෙම බැලස්ටික් මිසයිලය ශබ්දයේ වේගයමෙන් දහස ගුණයක වේගයෙන් කිලෝමීටර් දහසකට වඩා වැඩි දුරක තිබෙන නාවික යාත්‍රාවක් සාර්ථකව විනාශ කිරීමේ හැකියාව පවතින බව චීනය සඳහන් කරයි.
ඒ අනුව මෙම මිසයිලය දැනට භාවිතා කරනු ලබන එකම නාවික හමුදාව චීනය පමණක් වන අතර බටහිර ආරක්ෂක විශ්ලේෂකයින් පවසන අන්දමට චීනය සතුව සත්‍ය වශයෙන්ම මෙම මිසයල පද්ධතයික් පවතීනම් එය ගොලීය සමුද්‍ර ආරක්ෂා තත්ත්වය වෙනස් කිරීමට සමත්වනු ඇත.
මෙම නව මිසයිලය චීනය දැනට භාවිතා වන යුධ නෞකාවක සිට එල්ල කිරීමේ හැකියාව පවති. ඒ අනුව දැනටම්ත රතු මුහුදේ චීන ක්‍රියකාරකම් ඉහළයාමත් සමඟ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ලොව විශාලතම නාවික හමුදාව චීනය සතුවන අතර මේනව විට තායිවානය අසල සමුද්‍ර කලාපය තුල චීන ක්‍රියාකරකම් වර්ධනය වීමක් පසුගිය කාලයේදී දැක ගැනීමට හැකිවිය.







