සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ කිසිම දේශපාලඥයෙක් හමුවීම අනුශාසනා කිරීම, සහ ඔවුන්ගේ කිසිම පිරිකරක් පිළි ගැනීම වාරණය කර ඇති බව මල්වතු මහා විහාර ආරංචි මාර්ග පවසයි.
සමස්ථ දේශපාලනයේම පවතින බල ලෝභී හැසිරීම සම්බන්ධව දැඩි කළකිරීම ප්‍රකාශ කිරීමක් මල්වතු නා හිමියන් මේ තීරණය කර ඇති බව දැනගන්නට ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය විසින් සකසා ඇති ව්‍යවස්ථා සංශෝධනයට අදාල යෝජනාවලිය පිළිගැන්වීමට පසුගිය දා මල්වතු මහා නායක හිමියන් මුණගැසෙන්නට පැමිණි අවස්ථාවේ නා හිමියන් විසින් විපක්ෂ නායකවරයා හරවා යවා ඇතැයි පැවසේ.
එමෙන්ම පොහොට්ටුවේ වසන්ත යාපා ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු දස දෙනා අන්තර්වාර පාලනයක් අත්‍යාවශ්‍ය බව දන්වා සැකසූ ලේඛනයට මල්වතු මහා නායක හිමියන්ගේ අනුශාසනා ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ දී ගේට්ටුවෙන් පිටදීම ඔවුන් හරවා යවන්නට කටයුතු කර ඇතැයි දැනගන්නට ඇත.
ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා විසින් පවතින ආර්ථික ආර්ථික හා දේශපාලන අර්බුදය පිළියම් ලෙස ඉදිරිපත් කරන යෝජනාවලියට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා නායකයින් කිසිවෙක් මෙතෙක් උන්වහන්සේලාට නිසි ප්‍රතිචාර දක්වා නොතිබීම සම්බන්ධව ත්‍රෛනිකායික හිමිවරුන්ම ඉන්නේ කලකිරීමකින් බව වාර්තා වේ.
රටේ පවතින බිහිසුණු ව්‍යසනකාරී සමාජ දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් නොසලකා රජය හැසිරෙමින් ඇති අනම්‍ය ආකාරයත් සම්බන්ධව මහා නායක හිමිවරු දැඩි කළකිරීමට පත් වී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ උපදෙස් ප්‍රකාරව පසුගිය 30 දා සෙනසුරාදා මහා සංඝරත්නය විසින් දේශපාලන පක්ෂ 23ක් වෙත සාකච්ඡාවක් සඳහා කළ ආරාධනය ප්‍රධාන දේශපාලන පක්ෂ 15ක් පැහැර හැර තිබිණි. ආණ්ඩු පක්ෂය, බෞද්ධ උරුමය සම්බන්ධව සංවේදීව කතා කරන දේශපාලන පක්ෂත් ඒ අතර විය.
මේ හැසිරිමට මුල්ම ප්‍රතිචාරය මල්වතු මහා නායක හිමියන් විසින් ප්‍රකාශකර තිබෙන බව වාර්තා වේ.
මෙයත් කියවන්න..
පැය 48කට කලින් දැනුම් දීලා සාකච්ඡාවලට එන්න බෑ… දවස් තුනකට කලින් දිනපොත හැදෙනවා.







