මනම්පිටිය නිමල් ජයරත්න –
සොරකම් කරන ලද යතුරු පැදියකින් ගොස් වෙළෙඳ සලකින් හිස් ගෑස් සිලින්ඩර 10ක් සොරකම් කර නිවාස වලට අලෙවි කරමින් සිටී පුද්ගලයකු අද (02) උදෑසන අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.
මඩකලපුව මහ රෝහලේ සේවය කරන සෞඛ්‍යය සේවකයෙකුට අයත් යතුරු පැදියක් මනම්පිටිය මඩකලපුව හන්දිය අසල නිවසක නවතා එම සේවකයා බස් රථයට නැග සේවයට ගිය පසු යතුරු පැදිය සොරකම් කර ඇති මෙම පුද්ගලයා එම යතුරු පැදියේම ගොස් දහවල් කාලයේදී නැගෙනහිර මනම්පිටිය ප්‍රදේශයේ වෙළඳසසැලකට රිංගා හිස් ගෑස් සිලින්ඩර දහයක් හොරකම් කර ඇතැයි පොලිසිය කියයි.
ඒවා රුපියල් 3000 හා 5000 බැගින් නිවාසවලට විකුණා ඇති බවත් සොරකම් කරන ලද හිස් ගෑස් සිලින්ඩර දහයෙන් පහක් මේ වෙනවිට සොයාගත් බවත් මනම්පිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු දෙවැනිදා මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සැකකරු පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ පදිංචි විසිපස් වියති විවාහක තරුණයකු වන අතර ඔහු ගංජා සහ හෙරොයින්වලට ඇබ්බැහි වී සිටින අයෙකු මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර සඳහන් කළේය







