දිනසේන රතුගමගේ –
ආර්ථික අර්බූදයකට ලක්ව සිටින උතුරු නැගෙනහිර හා වතුකරයේ දෙමළ ජනතාවට ආධාර කිරීමට තමිල්නාඩුවේ ධීවර සංගම් නියෝජිතයන් සහ තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක් ඉදිරිපත් වී ඇත.
එම ආධාර ලැබෙන්නේ ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ලබා දීමට තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිවරයෙකු හා වත්මන මහ ඇමතිවරයා පියවර ගෙන තිබේ.
තමිල්නාඩුවේ වත්මන් මහ ඇමති එම්.ස්ටාර්ලින් ඉන්දීය රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබා දෙන අතර හිටපු ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් ඉන්දීය රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබා දීමට පියවර ගෙන තිබේ.
මෙම ආධාර මුදලේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් හාරකෝටි පනස් ලක්ෂයකි. ඔවුන් විසින් ක්‍රියාත්මක කරණ අරමුදල් දෙකකින් මේ ආධාර මුදල් ලබා දෙනබවත් ඔවුන්ගේ නියෝජිතයින්පිරිසක් පැමිණ මේ ආධාර ලබා දෙන බවත් ඔවුන් දෙදෙනා විසින් ඉන්දියාවේ මධ්‍යම රජයට ලියන ලද ලිපිවල සඳහන් කොට තිබේ.
මීට අමතරව ඉන්දීය උතුරු නැගෙනහිර හා වතුකරයේ දෙමළ ජනතාවට සහය ලබා දීමට ඉදිරිපත් වී සිටියි.