බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිය මව්බිම අපායක් කළ රුසියානුවන් අපායට යවන්න යුක්රේන වැසියන් ජීවිතය කැප කරන හැටි!

by editor
පෙබරවාරි 27, 2022
in පුවත්
කියෙව්හි උතුරේ පදික වේදිකාවකදී රුසියානු සන්නද්ධ වාහනයකින් වෙඩි තබා ඝාතනය කළ පදිකයෙකුගේ සිරුරක්   යුක්රේන හමුදා සෙබළුන්  විසින් වාහනයකට දමන අයුරු...

කියෙව්හි උතුරේ පදික වේදිකාවකදී රුසියානු සන්නද්ධ වාහනයකින් වෙඩි තබා ඝාතනය කළ පදිකයෙකුගේ සිරුරක් යුක්රේන හමුදා සෙබළුන් විසින් වාහනයකට දමන අයුරු...

Share on FacebookShare on Twitter

කියෙව්හි දැන් වෙලාව උදේ අට  පසුවී ඇත.    දැවැන්ත සන්නද්ධ ආක්‍රමණිකයෙක් හමුවේ මාතෘභූමියේ නිදහස පමණක් අපේක්ෂා කරන  දිරිමත් මිනිස්සු සිව්වන දිනටත් සිය අගනුවර ආරක්ෂා කරගෙන සිටිති.  රුසියානුවන්ට  මේ යුද්ධය සිතූ තරම් පහසු එකක් නොවන බව යුක්රේනය කියා දෙමින් ඇත.  රාත්‍රිය පුරාම  සටන් පැවතිනි.

ජනාධිපති වොලොඩමීර් සෙලෙන්ස්කි පවසන්නේ රටේ හමුදා “සතුරු ප්‍රහාරවලට ඔරොත්තු දී සාර්ථකව මැඩපවත්වා ඇති” බවයි.

මාර්ග තැනීම සහ නඩත්තු කිරීම භාරව සිටින යුක්රේන සමාගමක්වන    යුක්රව්ටොඩෝර් ආයතනය රුසියානු හමුදා ආක්‍රමණිකයන් රට වටා ගමන් කිරීම සඳහා භාවිතා කළ හැකි සියලුම මාර්ග සංඥා ඉවත් කිරීමට සූදානම්ය.

“සතුරාට දුර්වල සන්නිවේදනයක් ඇත, ඔවුන්ට භූමියේ සැරිසැරීමට නොහැකිය”  යුක්රව්ටොඩෝර් සමාගම ෆේස්බුක් යාවත්කාලීන කිරිමකින් පසු මෙසේ දක්වා තිබිණි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

“අපි ඔවුන්ට කෙලින්ම නිරයට යාමට උදව් කරමු.”

මේ සියලු දේ අතර රුසියානු හමුදාවෙන් දැඩි මිසයිල ප්‍රහාර එල්ල වෙමිනි.  කියෙව් අසල ඇති  වසිල්කිව් නගරයේ තෙල් නිෂ්පාදනාගාරයට එම  මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇත. එමෙන්ම ඔවුන් කාර්කිව් නගරයේ ස්වභාවික ගෑස් නල මාර්ගයක් පුපුරුවා හැර ඇති බව ද යුක්රේනයේ විශේෂ සන්නිවේදන සහ තොරතුරු ආරක්ෂණ රාජ්‍ය සේවය පවසයි.

කාර්කිව් නගරයේ ස්වභාවික ගෑස් නල මාර්ගයක් පුපුරුවා හැරි මොහොත…

රුසියානු හමුදා  ආක්‍රමණය  තීව්‍රවත්ම    අගනුවර මධ්‍යයේ පදිංචිකරුවන්  නවාතැන් සොයමිනි.

හතර වටින් වාර්තා වන්නේ  සිවිල් වැසියන්ගේ මරණය. වෙඩි ප්‍රහාරවලට ලක්ව මිය යන දරුවන්, මහල් නිවාසවල රැඳී සිටියදී රොකට්  ප්‍රහාරවලට ලක්ව මිය යන සිවිල් වැසියන් ගැන ඇසෙමින් ඇත. රුසියානු හමුදා අතිශය ව්‍යසනකාරී ලෙස සිවිල් පුද්ගලයන් සහ ස්ථාන ඉලක්ක කරගෙන එල්ල කරන ප්‍රහාර සම්බන්ධව ලෝකයම කනස්සල්ලෙනි.

ගුවන් ප්‍රහාරවලින් ජීවිතය බේරා ගැනීමට ආරක්ෂිත තැන්වලට එක් වුණු කියෙව් වැසියන්…

එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය වාර්තා කරන්නේ, රුසියාවේ ආක්‍රමණයෙන් පසුව පිපිරෙමින් ඇති  යුක්රේනයේ සටන්වලදී සොල්දාදුවන් 64ක් ඇතුළුව දරුවන්, කාන්තාවන් සහිත සිවිල් වැසියන් 240ක් මිය ගොස් ඇති බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ තුවාල සිදුවීම් මේ මොහොතේත්  සිදුවන බැවින්  සැබෑ සංඛ්‍යාලේඛණ මීට වඩා වැඩි විය හැකි ආකාරය ය.

මොස්කව් ප්‍රහාරයේ ආරම්භයේ සිට යුක්‍රේනියානුවන් 150,000 කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

පෝලන්ත රජය පැවසුවේ යුක්රේන සරණාගතයින් 115,000 කට වැඩි පිරිසක් මෙඩිකා හි ප්‍රධාන දේශසීමා හරස් මාර්ගයෙන් පමණක් එතෙර වී ඇති බවයි.

“ඒක අපායක්..“ යුක්රේන සරණාගතයින් කියා තිබුණේ එසේය.

( සීඑන්එන් සහ අල් ජසීරා)

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමක ගිනියාවේ චීන හමුදා කදවුරක් ගොඩනැංවීමේ වෑයමක්…

Next Post

රුසියානු හමුදා සහ යුක්‍රේන හමුදා එකඟතාවයකට

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.