රුසියාවට බටහිර රාජ්‍යන් සමඟ කිසිඳු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවක් අවශ්‍ය නොවන බව රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වේදෙෆ් පවසයි.
යුක්‍රේනය ආක්‍රමණයත් සමඟ බටහිර රටවල් විසින් රුසියාවට සම්බාධක පැනවීමත් සමඟ හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
එහිදී ඔහු පවසා ඇත්තෙ සියලුම තානාපති කාර්යාල ඉබි යතුරු දමා වසා දැමීමට කාලය පැමිණ ඇති බවත් ය.
හිටපු ජනාධිපති මෙද්වේදෙෆ් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තෙ රුසියාව ජනාධිපති පුටින් ලබාදුන් අරමුණ ඉටු කරගන්නා තෙක් යුක්‍රේනය තුළ මෙහෙයුම් සිදු කෙරෙනු ඇති බවයි.
දිමිත්‍රි මෙද්වේදෙෆ් රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රබල සහයකයකු වන අතර දැනට රුසියාවේ ජීවතුන් අතර සිටින එරට එකම හිටපු ජනාධිපතිවරයා වන්නෙද ඔහුය







