බලාපොරොත්තු නොවන තියුණු ප්‍රතිරොධ මැද රුසියාව සිය ආක්‍රමණයේය. මේ මොහොත වනවිට යුක්රේනයේ අගනුවර වීදි කරා සටන ඇවිලී ඇත. සිය මව් බිම රැක ගැනීම සඳහා ගැහැණු පිරිමි අවි දරාගෙන යුක්රේන හමුදාවට ශක්තිය දෙමින් සිටිති.
රට ආරක්ෂා කරන බවට ජනාධිපති වොඩොදමීර් සෙලෙන්ස්කි ප්‍රතිඥා දී ඇත. තමන් යටත් නොවන බව ඔහු පවසයි.
මේ අතර රුසියානු හමුදා නිවේදනය කළේ ගිනිකොනදිග නගරයක් වන මෙලිටොපොල් පාලනය තමන් අතට ගත් බවය.
යුක්රේනයේ සෞඛ්‍ය අමාත්‍යවරයාට අනුව සිවිල් වැසියන් ද ඇතුළුව පුද්ගලයින් 200 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට මිය ගොස් තිබේ. වේදනාත්මක ඇත්ත නම් ඔවුන්ගෙන් තිදෙනෙකු ළමයින් වීමය.
මොස්කව් ප්‍රහාරයේ ආරම්භයේ සිට යුක්රේනියානුවන් 100,000 කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේය. මේ වනවිට බටහිර රටවල් පූටින් පාලනයට එරෙහිව සම්බාධක පනවා තිබේ. මේ දැඩි සම්බාධක තමන්ව ආරක්ෂා කිරීමට අපොහොසත් බව යුක්රේන් ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබුණේය. ඔහු හමුදා නිල ඇඳුම් සහිත අගනුවර වැසියන් සමගය.
මේ අතර තුර යුක්රේන ජනපති උපදේශක මිඛයිලෝ පොඩොලික් ප්‍රකාශයක් නිකුත් කරමින් රොයිටර් පුවත් සේවයට දන්වා සිටියේ යුක්රේනය සාකච්ඡා සඳහා විවෘත නමුත් රුසියානුවන් ඒ සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දී නැති බවය.
කියෙව් පාලනය රුසියාව සමග සටන් විරාමයක් සඳහා සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන බවට ක්‍රෙම්ලීනයෙන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව කියන උපදේශක මිඛයිලෝ පොඩොලික් යුක්රේනය පිළිගත නොහැකි ප්‍රායෝගික නොවන කොන්දේසි පිළිගැනීමට සූදානම් නැති බව දන්වා සිටී.
“යුක්රේනය සාකච්ඡා කිරීමේ ස්ථාවරයක් සූදානම් තිබේ. නමුත් අපි මොස්කව් වෙතින් එන ප්‍රායෝගික නොවන සාකච්ඡා කොන්දේසි වලට මුහුණ දෙමින් සිටිමු.“ ඔහු කියන්නේ එසේය.