මනම්පිටිය නිමල් ජයරත්න –
මහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ කාබනික පොහොර වගාවෙන් වගා කරන ලද වී වගාවෙන් විශාල ප්රමාණයක් ගොයම පූදින්නේ නැති මට්ටමකට පත්ව ඇති බව මහවැලි බී කලාපය ගොවි නියෝජිතයෝ සඳහන් කරති,

මෙවර මහ කන්නය තුළ මහවැලි බී කලාපයේ මාදුරුඔය ජලාශය යටතේ අක්කර හැට දාහකට අධික ප්රමාණයක් වී වගා කර ඇති අතර ඉන් වැඩි ප්රමාණයක් වගා කර ඇත්තේ රජයේ කාබනික පොහොර සහනාධාරය යටතේ බවත්, එම පොහොර භාවිතාවෙන් වගා කරන ලද බිම් වලින් විශාල ප්රමාණයක් පැළ ගොයම වර්ධනය නොවී ඇති බවත් වී කරල් පීදිම විශ්වාස කළ නොහැකි බවත් ගොවීහු සඳහන් කරති,
මෙම තත්ත්වය මත තමන්ට කෑමටවත් කුඹුරෙන් වී ලබාගත් ගත නොහැකි බවත්, සිදුවූ පාඩුවට ප්රමාණවත් පරිදි වන්දි ලබා නොදුනහොත් තමන්ට දැඩි අලාභානි හානි සිදුවන බව ද ගොවීහු සඳහන් කරති.
තමන් වගා කළ කුඹුරෙන් වී අස්වනු නොලැබුණහොත් තමන්ට මෙවර අවුරුදු කෑම සඳහා හාල් කිලෝව රුපියල් 200 – 250 අතර මිලකට ගැනීමට සිදුවනු ඇති බවට ගොවීහු සැක පහළ කරති.
තම ගොවීන්ට කාබනික පොහොර වගාවෙන් සිදුව ඇති පාඩුව යම්තාක් පියවා ගැනීමට නම් ලබන සුළු වී අස්වැන්නෙන් වී කිලෝවක් රුපියල් 150 ක මිලකටවත් රජය මිලදී ගත යුතු බව මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ කියති.
මෙවැනි විට ගොයම් පිදිය යුතු මට්ටමේ තිබිය යුතු වුවද බොහෝ කෙත් යායවල් වල වී ගසින් කරල් නොයන මට්ටමක් දැකිය හැකි බවත්, පූදින කරලෙත් වී ඇටයක් දෙකක් පමණක් දැකගත හැකි බවත් ගොවීහු කියති.
මෙම තත්ත්වය මත වී අස්වනු ලැබෙන්නේ නම් මහවැලි බී කලාපය ගොවි පවුල් 25,000 කට අධික ප්රමාණයකට වන්දි ලබාදීමට රජය වහා සූදානම් විය යුතු බවත්, එසේ නොවූනහොත් ලබන යල කන්නය වී වගා නොකිරීමේ කන්නය බවට පත්වනු ඇති බවත් ගොවීන් සංවිධාන අනතුරු අඟවති.
රසායනික පොහොර භාවිතා කරමින් මෙවර වගා කරන ලද කුඹුරු සරුවට වැවී ඇති නමුත් කාබනික පොහොර යොදා වගා කරන ලද කුඹුරු බිම් සියල්ලම නිසරු වී ඇති බවත් ගොවි නියෝජිතයෝ කියති.







