දිනසේන රතුගමගේ –
යාපනයේ කයිට්ස් අධිකරණයෙන් නිදහස් කොට ආපසු ඉන්දියාවට යවන ලෙස නියෝග කළ ඉන්දීය ධීවරයින් 56 දෙනාගෙන් 44 දෙනෙකුම කොරෝනා ආසාදිතයින්වීම නිසා ඔවුන්ව ඉන්දියාවට යැවීම තවත් මාසයකින් දීර්ග කිරීමට යාපනයේ සෞඛ්‍ය බලධාරීන් 1 දා තීරණය කොට තිබේ.
ඩෙල්ෆ්ට් මුහුදු තීරයට අනවසරයෙන් පැමිණ මසුන් මරමින් සිටියදී මේ ඉන්දීය දීවරයින් 56 දෙනා දැසැම්බර් මස 19 දා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් අතර ඔවුන් සමග සිටි වයස අවුරුදු 14 ක කුඩා දරුවකු නඩුවලින් නිදහස් කිරීම සදහා කයිට්ස් අධිකරණයෙන් ධීවර නිලධාරීන් විසින් පූර්ව අවසරයක් ලබා ගෙන තිබුණි.
ඉතිරි ඉන්දීය ධීවරයින් 55 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් වරද පිළිගැනීම නිසා ඔවුන්ව වසර පහක අත් හිටවූ හිර දඩුවමකට යටත් කොට කයිට්ස් අධිකරණය විසින් නිදහස් කරණ ලද්දේ වහාම ඒ පිරිස අපසු ඉන්දියාවට යවන ලෙස නියෝග කරමිනි.
මේ පිරිස ඉන්දියාවට ගුවන් මගින් යැවීම සදහා පී.සී.ආර් පරීක්ෂණ වලට ලක් කළ අවස්ථාවේදී 44 දෙනෙකුම කොරෝනා ආසාධිතයින් වීම නිසා ඔවුන්ව ඉන්දියාවට යැවීම තවත් මාසයක කලයකට කල් දැමීමට යාපනයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.







