හංවැල්ල, තුංමෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය ගැහැණු ළමුන් තිදෙනකු අද (30) පස්වරුවේ දියේ ගිලී අතුරුදන්ව තිබේ.
අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 14 ක ගැහැනු ළමුන් දෙදෙනකු සහ 29 හැවිරිදි තරුණියකි.
ඔවුන් සොයා මේ වනවිට හංවැල්ල පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.