අගමැතිවරයා තිරුපති ගිය නිල්පාට ජෙට් යානය ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙක් ඔහුගේ කටයුත්තක් සඳහා අගමැතිවරයා ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා එවා ඇති බව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී මිලාන් ජයතිලක අද ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ රුපියල් තුන් කොටි තිස් දෙලක්ෂයක් වැය කර අගමැතිවරයා තිරුපති ගිය මෙම ජෙට් ගමන පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න කෙරෙමින් ඇති පසුබිමක් තුළය.
මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“ අපි දැක්කා ඉන්දියාවෙ ප්‍රබල ව්‍යාපාරිකයෙක් ජෙට් යානයක් එවනවා… අපේ ලංකාවට ඇවිල්ලා අපේ රටේ නායකයගේ හිතවත්කමට… ඒ නායකව ඒ රටට ගෙන්වාගෙන එයාගෙ අවශ්‍යතාවයක් ඇති වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගන්න. ඒක එයාලගෙ පුදගලික කාරණාවක්. ඒ මුදල් ගෙවන්නෙත් ඒ ව්‍යාපාරිකයා.“
“ජනතා විමුක්ති පෙරමුණ අද බූදලේ ලියන්න හදනවා මේ ආපු ගුවන් යානයට.“
අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ හෝ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී මිලාන් ජයතිලක මේ ධානපති ව්‍යාපාරිකයාගේ නම ප්‍රකාශකර සිටියේ නැත.