ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට ශ්‍රී ලංකාව සූදානම් ද නැද්ද යන්න පිළිබඳව නිල ප්‍රකාශයක් මහබැංකු අධිපතිවරයා විසින් අද ප්‍රකාශ කිරීමට නියමිත බව වාර්තා වේ.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද මාධ්‍ය හමුවේ පෙනී සිටින බවත් එහිදී මේ සම්බන්ධව ප්‍රකාශයක් කරනු ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.
රටේ විදෙස් සංචිතය, ඩොලර් අර්බුදය, විදෙස් ණය ගෙවීම ඇතුලු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය.