දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ තවත් මාරක රිය අනතුරකින් මරණ දෙකක් වාර්තා වී ඇත. එක් පුද්ගලයෙක් අසාධ්‍ය තත්වයේ මාතර රෝහලේ ප්‍රතිකාර නිමින් හිඳී.
අනතුරින් මියගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ 72 හැවිරිදි පුද්ගලයෙක් සහ ගෝනවල ප්‍රදේශයේ 61 හැවිරිදි අයෙකි.
කොට්ටාව සිට මත්තල දෙසට දිවෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ කපුදූව හා පලටුපාන අතර අන්තර් හුවමාරුවේ දී අද අලුයම (22) ට්‍රක් රථයක් හා බවුසරයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මත්තල දෙසට ධාවනය වු ට්‍රක් රථයක් අපරික්ෂාකාරී ලෙස නතර කර ඇති අවස්ථාවක එම දෙසට ම ධාවනය වු බවුසර් රථයක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
අනතුරින් ට්‍රක් රථයේ සිටි අවුරුදු 72ක කඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර බවුසරයේ රියදුරු වූ ගෝනවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක පුද්ගලයෙක් මාතර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
බවුසර් රථයේ සහයකයා මේ වන විට බරපතළ තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පවසයි.