උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට විශේෂ අවවාදයක් නිකුත් කර තිබේ.
කිරුළපන, පාදුක්ක, කළුතර සහ රංගල ප්‍රදේශවල සිදුකළ විශේෂ වැටලීම්වලින් අනතුරුව ව්‍යාජ මුදල් නෝට්ටු බෙදාහරින ස්ථාන කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
වැටලීම් වලදී 1000 සහ 500 නෝට්ටු මුද්‍රණ යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
දෙසැම්බර් උත්සව සමයේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ගේ අවධානය යොමුව තිබුණු බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.
භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් ගනුදෙනු වලදී හුවමාරු විය හැකි මෙවැනි ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස පොලිසිය මහජනතාවගෙන් සහ සිල්ලර වෙළඳසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටියි.
ව්‍යාජ මුදල් නෝට්ටු හුවමාරු කිරීමට උත්සාහ කරන බවට සැක කෙරෙන පුද්ගලයන් පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අමතා පොලිසියට දැනුම් දෙන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා ඇත.