බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු ජාවාරම්මු පොලිසිය හා දේශපාලකයන් සමග එක්ව වත්කම් සැඟවීමේ මෙහෙයුමක….

දෙමටගොඩ චමින්දගේ කෝටි ගණනක වත්කම් රාජසන්තක කිරීමේ තීන්දුවෙන් පසු පාතාලයේ සිද්ධවෙන දේ....

by editor
දෙසැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • පොලිසියේ උසස් නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වත්කම් සෙවීම වළැක්වීමේ මෙහෙයුමක… විමර්ශන කඩාකප්පල් කිරීමේ සැලසුම් ක්‍රියාත්මකදැයි සැකයක්….

  • මේ ජවාරම් කරුවන් පසුගිය මැතිවරණ සමයේ දී දේශපාලකයින්ට මහා පරිමාණයෙන් මුදල් වියදම් කළ අය බව බුද්ධි අංශ වාර්තා කරලා…

දෙමටගොඩ චමින්ද නැමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවාගේ කෝටි ගණනක දේපල සොයා ගෙන ඒවා රාජසන්තක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය පියවර ගැනීමත් සමඟ කලබල වී සිටින ජාවාරම්කරුවෝ සිය දේපළ සහ වත්කම් රැක ගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

ඒ සඳහා තමන්ට හිතවත් දේශපාලනඥයන්ගේ හයිය සහ පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ සහයද මේ වන විට ලබා ගනිමින් සිටින බව සඳහන්ය.

නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමට පියවර ගන්නේම පාතාලය මත්කුඩු ජාවාරම ඇතුළු නීති විරෝධී ජාවාරම්වලින් උපයාගත් දේපළ තහනම් කිරීමටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමටත්ය. එම විමර්ශන සදහා විශේෂඥ දැනුමැති නිලධාරීන්ද එම කොට්ඨාසය අනුයුක්තකර ඒ අයට විශේෂ පුහුණුවීම්ද විමර්ශන කෙරන ආකාරයට ගැන ලබාදී ඇත.

දෙමටගොඩ චමින්දගේ දේපළ සිය භාරයට ගැනීමට මෙම කොට්ඨාසයේ නිලදධාරීන් පියවර ගැනීමත් සමඟ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ඒ සම්බන්ධයෙන් සිත් තැවුලට පත්ව සිටි බවද පොලීසිය තුළ ප්‍රසිද්ධ රහසකි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය විසින් කරගෙන යන ලබන විමර්ශන අඩාල කිරීම සඳහා මේ වන විටත් ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් මැදිහත් වෙමින් ඔවුන් යටතේ ඇති පොලිස් විමර්ශන අංශ යොදවා පාතාලයේ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

එසේ විමර්ශන ආරම්භකර ඇත්තේද නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන පවත්වන පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනෙක් සම්බන්ධයෙනි.

පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ යම් පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ වත්කම් සම්බන්ධයෙන්  ඒ සම්බන්ධයෙන් නිසි දැනුමක් නොමැතිව විමර්ශනය කරන කණ්ඩායමක් විසින් නිසියාකාරව විමර්ශන පැවැත්වීමක් නොකළ හොත් අධිකරණයෙන් එම සැකකරුවන් නිදහස් වීමේ අවස්ථාව වැඩි බවය.

එසේ එක් විමර්ශනයකින් අපරාධකරු නිදහස ලැබුවහොත් නැවතත් නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය හෝ වෙනත් පොලිස් ඒකකයට ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විය නොහැකි වන බවත් මේ සිදුවන්නේ එවන් තත්ත්වයක් ඇති කරමින් පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් රැක ගැනීමක්ද යන්න පිළිබඳ සැකයක් ඇතිව තිබෙන බවද එම නිලධාරියා කීය.

මේ වන විට නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් විමර්ශන 900 කට වැඩි ප්‍රමාණයක් නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරමින් පවතී. ඒ අතර විමර්ශන 315 ක්ම පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිවය.

ඒ අය අතර නමගිය මත්කුඩු ජාවාරම්කරුවන් සිටින බවත් ඒ අයගෙන් වැඩි දෙනෙක් පිටරටවල රැඳී සිටිමින් මෙරට මත්ක්ඩු ජාවාරමේ නිරතව සිටින බවත් සදහන්ය.

ඔවුන් ඉකුත් මැතිවරණවලදී දේශපාලනඥයන්ට මහා පරිමාණයෙන් මුදල් වැයකර ඇති අය බව කියන බුද්ධි අංශ මැතිවරණ කාලවලදී සිය ප්‍රධානීන්ට ලබාදුන් බුද්ධි වාර්තාවල ඒ ග්‍න සඳහන් බවද  අනාවරණය කරයි.

නීති විරෝධි වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය මගින් තවත් විමර්ශන 611 ක් සිදුකරනුයේ මත්ද්‍රව්‍ය වලින් පිට වෙනත් නීති විරෝධී ක්‍රම මගින් මුදල් සහ දේපළ උපයා ගැනීම් සම්බන්ධයෙනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චීන පොහොර සමාගම සිංගප්පුරුව හරහා ඩොලර් මිලියන ​8ක වන්දියක් ඉල්ලයි

Next Post

බැඳුම්කර නඩුවේ රවි ඇතුළු 10ක් චෝදනා 11කින් නිදහස්

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.