බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රන්මල් කොඩිතුවක්කු මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න… ලිංගික වධයට ලක් වූ පුද්ගලයා අධිකරණයට යයි!

by editor
නොවැම්බර් 27, 2021 - Updated on මාර්තු 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • පොලිසියේ මෙවැනි උසස් තනතුරු දැරීමට  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙක් නුසුදු බව ප්‍රකාශ කරන්න… වින්දිතයා අධිකරණයෙන් ඉල්ලයි…

පසුගියදා කිරිඇල්ල ප්‍රදේශයේදී වාහනයක ගමන් කරමින් සිටියදී සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට සහ ලිංගික වධ හිංසාවලට  ලක්වූ පුද්ගලයා  ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

රාජගිරියේ පදිංචි වින්දිත මිෂාර රණසිංහ නැමැති එම පෙත්සම්කරු වගඋත්තරකරුවන්  ශ්‍රී ලංකා පොලිසියේ වගකිව යුතු  නිලධාරීන් ලෙස නිලතල දැරීමට නුසුදුසු බවට ප්‍රකාශ කරන ලෙස එම පෙත්සම මඟින් ඉල්ලා සිටි.

දණ්ඩ නීති සංග්‍රහය සහ වධහිංසා පනත යටතේ නීතිවිරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයාට නියෝග කරන ලෙසට   ඉල්ලා සිටින්නේ.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ කොඩිතුවක්කු    සිවිල් වැසියෙකුට පහරදීමේ සිද්ධිය පැහැදිළිව දැක්වෙන වීඩියෝවක්  සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ අතර එයින් පසු  ඔහු වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබුණි.

පසුගිය  2021 ඔක්තෝම්බර් 25 වැනි දින පස්වරු 2 ට පමණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් තමාට දරුණු ලෙස පහරදී, ශාරීරික හා ලිංගික වධහිංසා පමුණුවා හිරිහැර කළ බව ප්‍රකට නීතීඥ සමාගමක්වන නීලකන්දන් සහ නීලකන්දන් සමාගම හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සකමක් ගොනු කළ පෙත්සම්කරු සඳහන් කර ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වගඋත්තරකරුවන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට පෙන්වා දෙන පෙත්සම්කරුගේ 11 වැනි වගන්තිය, 12 (1), 13 (1) (2) සහ 14 (1) (h) වගන්තිය මගින් සහතික කර ඇති පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් බවට ප්‍රකාශයක් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා සිටී.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  කොඩිතුවක්කු  මනෝවිද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කරන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ඒ අනුව රන්මල් කොඩිතුවක්කු  මනෝචිකිත්සක උපදේශක මණ්ඩලයක් වෙත යොමු කර එම විශ්ලේෂණ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රන්මල් කොඩිතුවක්කු, කිරිඇල්ල වැඩබලන ස්ථානාධිපති දිසානායක, අයගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඉන්දික මිලාන්, පොලිස් ප්‍රධානී චන්දන වික්‍රමරත්න, නීතිපති සහ තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස පෙත්සම්කරු සඳහන් කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර නිවසක් මතට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට… දැරියකට අසාධ්‍යයයි…

Next Post

නුවර රෝහලේ  බෙහෙත් හොරා හොයන්න ඩී.එන්.ඒ පරීකෂණයක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.