බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති සහ ජනාධිපති ලේකම් විෂ රසායනික පොහොර තොග නිදහස් කළ හැටි අනුර පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
නොවැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වර්ෂ 2020 දී  මේ රටට ගෙන්වූ අධි විෂ සහිත රසායනික පොහොර  තොග දෙකක් ප්‍රමිතියට නොගැලපෙන බැවින් අත්හිටුවා තිබෙද්දී ජනාධිපතිගේ හා ජනාධිපති ලේකම්වරයාගේ නියෝග මත රට තුළට ගත් බවත්    රසායනික පොහොර මාෆියාව පසුපස සිටියේ ව්‍යාපාරිකයින් විද්වතුන් නොව මේ රජය සහ රජයේ මැති ඇමතිවරුන් බවත්  ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

තහනමු කර තිබූ විෂ සහිත ටීඑස්පී පොහොර මෙට්‍රික් ටොන් 18000ක් නිදහස් කිරීමට  2020.10.08 දා ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මුලසුන හෙබවූ රැස්වීමක දී තීන්දු කළ බවත්, ප්‍රමිතිය කුඩු කළ  ආසනික් සහ ලෙඩ් අධිමාත්‍රාවෙන් යුතු විෂ පොහොර තොගයක්  නිදහස් කිරීමට  2020.11. 03   ජනාධිපතිවරයා මුලසුන හෙබවූ රැස්වීමක දී  ජනාධිපතිවරයාම නියෝග කර තිබුණු බවත්  කී මන්ත්‍රීවරයා ඒ පොහොර තොගය වෙනුවෙන් රුපියල් කෝටි පනහක ගෙවීමක් කළ බව ද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ ද පැවසුවේය.

“අපේ රටට විෂ සහිත පොහොර ආනයනය කරන බව රජය කිව්වා. පහුගිය විගණන වාර්තාවක ඒක තියනවා.  ඒ විගණන වාර්තාවට ආවෙ නැති ටිකක් තියනවා . මා ඔබතුමාට ඒ ටික කියන්නම්.“

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ප්‍රමිතියෙන් තොර  ටී.එස්.පී  පොහොර මෙට්‍රික් ටොන් 18000ක් තිබ්බා. ඒ ටීඑස්පී ප්‍රමිතියෙන් තොර නිසා එම පොහොර රට තුළට ඇතුළත් කරගත්තෙ නෑ. නමුත් 2020.10.08 දා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය  සිද්ධිකා ජී සේනාරත්න  ලිපියක් නිකුත් කරනවා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයාට ඒ විෂ සහිත ප්‍රමිතියෙන් තොර පොහොර නිදහස්  කරන්න කියලා.  ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ වරයා ඒ නිදහස් කිරීම සම්බන්ධව  ලංකා පොහොර  සමාගමේ  සාමාන්‍යාධිකාරීවරයාට ලියනවා.

“මේ තීරණ අරගෙන තියෙන්නෙ ජනාධිපති  ලේකම් පී.බී. ජයසුන්දර ඉන්න රැස්වීමක දි. මේ සිද්ධිය අනාවරණය වීමත් සමග ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ලිපියක් ලියනවා ඒ පොහොර නිදහස් කිරීම සඳහා තමා අනුමැතිය දුන්නෙ නෑ කියලා.  නමුත් ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ තීන්දුව ගැනීමට  උපුටා දක්වන්නේ ඔහුව. ‘

“දෙවැනි සිද්ධිය ජනාධිපතිවරයා මුලසුන හොබවන රැස්වීමක දී  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ දේශීය ප්‍රමිතීන්ට අනුකූළ නොවන පොහොර ගෙන්වීම සඳහා රුපියල් කෝටි 50ක මුදලක්  ගෙවලා තියනවා.“

“මෙම පොහොර අපේ රටේ පරීක්ෂාවට භාජනය කළාට පස්සේ අසමත්.  ආසනික් තියනවා කිලෝ ග්‍රෑම් එකට මිලි ග්‍රෑම් 38ක්. ප්‍රමිතියට අනුව ආසනික් තියෙන්න පුලුවන්  කිලෝ ග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් 25යි.    ලෙඩ් තියනවා කිලෝ ග්‍රෑමයට මිලි ග්‍රෑම් 49ක්.  ප්‍රමිතිය අනුව ලෙඩ් තියෙන්න පුලුවන්  කිලෝ ග්‍රෑමයට මිලි ග්‍රෑම් 30යි.  පොහොර නිදහස් කරන්නෙ නෑ. “

“හැබැයි ජනාධිපතිවරයාත් හිටපු සාකච්ඡාවක දි  2020.11. 03 දා මේ විෂ සහිත බැර ලෝහ අධි මාත්‍රාවෙන් තියන විෂ පොහොර නිදහස් කරන්න ජනාධිපතිවරයා උපදෙස් දෙනවා.“

“ඇමති තුමනි.  ඔබ කිව්වේ මේ රසායනික පොහොර මාෆියාව පසුපස ඉන්නේ පොහොර ව්‍යාපාරිකයින්. මාෆියාකරුවන් කියලා. සැබැවින්ම මේව පසුපස ඉන්නෙ ආණ්ඩුව.  ආණ්ඩුවෙ ඇමතිවරු. “

“ඔවුන් මේ විෂ පොහොර රටට ගෙන්වීමට  බලපත්‍ර දුන්නා.  ඒ සඳහා ජනාධිපතිවරයාගේ මුලසන දැරූ සාකච්ඡාවල නියෝග ලබා දීලා තිබුණා.  මේ පොහොර ව්‍යසනය අවසන් වුනේ මේකට සම්බන්ධ වුනු මන්ත්‍රීවරු ගණනාවක ගෙ, නිලධාරීන් ගණනාවකගේ  මල්ල තර වෙලා.  අනික් පැත්තෙන් ජනතාවට වස සහිත පොහොර ගෙනල්ලා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිකවැරටිය  නිවසේ අද ගින්නටත් හේතුව ගෑස් කාන්දුවක්!

Next Post

සභාපති මහල්ලා “නාරා“ වනසන හැටි වෘත්තීය සමිති මුදල් ඇමති බැසිල්ට ලියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.