නිකවැරටිය ප්‍රදේශයේ නිවසක අද උදේ (26) හටගත් ගින්නට හේතුව ගෑස් කාන්දුවක් විය හැකි බවත්, මේ ගින්න හේතුවෙන් නිවසේ මුළුතැන්ගෙයට දැඩිලෙස හානි වී තිබූ බවත් වාර්තා වේ.
මේ පිළිබඳව ප්‍රකාශයක් කළ නිවෙස් හිමියා පවසා තිබුණේ තමන් නිවසින් පිටවී ගියේ ගෑස් ලිප නිවා දමා බවය.
උදෑසන 07ට පමණ නිවසින් පිටවී ගිය බවත්, වී වපුරා කෑම සඳහා බිරිය සමග නිවසට පැමිණෙන විට ගේ ගිනිගෙන තිබූ බවත්ය.
““මිඳුලට එන විටම දුම දාලා ගේ ගිනි ගන්නවා. දොර ඇරලා වතුර දාලා ගින්න නිවන්න දෙයක් ඉතිරිවෙලා තිබුණෙ නෑ. මගේ තිබුණු බඩු අඟුරු වෙලා. “ ඔහු මාධ්‍යයට කීවේය.
නිකවැරටිය පොලිසිය වැඩිදුර පරීකෂණ පවත්වමින් ඇත.
කෙසේ වෙතත් ඊයේ පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කීවේ ගෘහස්ථ ගෑස් සංයුතිය පිපිරීම් සදහා කිසිම ඉඩක් නැති බව මොරටුව සරසවිය විසින් කළ පර්යේෂක්ෂණයකින් තහවුරු කර ඇති බවය.