ආණ්ඩුව පවත්වාගන්න තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නැති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග කීවේය.
එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ මෛත්‍රීපාල සිරිසේන කළ යුත්තේ ආණ්ඩුවේ වරප්‍රසාද සහිතව ආණ්ඩුවට අවලාද නොනගා ඉන්න බැරි කට්ටියත් සමග ආණ්ඩුවෙන් ඉවත් වීම බවත් පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (26) පෙරවරුවේ යක්කල වීදියවත්ත ප්‍රදේශයේ ජල කුළුණක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවකට එක් වෙමිනි.
පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා මෛත්‍රීපාල සිරිසේන බැවින් ඔහු ඒ සඳහා දඬුවම් විඳිය යුතුය යන ස්ථාවරයේ තමන් හැමදාම සිටි බව කී සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් මෙසේද කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තරහ කෙනෙක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපේ ආරම්භය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ ගෞරවය දෙනවා. නමුත් පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවපු පුද්ගලයන් පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. ඒ නිසා තමයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මම කිව්වේ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච එකෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා.’
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය විනාශ කළා. අද මේ ආණ්ඩුවත් විනාශ කරන්න හදන්නේ. එතුමා සම්පුර්ණයෙන් වගකියන්න ඕනේ පාස්කු ප්‍රහාරයට. නීතිය එතුමාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන ස්ථාවරයේ ඉඳලා මම කථා කරන කෙනෙක්.
එතුමා පහුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු එළියේ කථා කරන දේවල් අපි අහගෙන හිටියා. හැමදාම කටවහගෙන ඉන්න බැහැ. ඉතින් ඒවට උත්තර දෙනකොට රිදෙනවා. රිදෙනකොට ඒගොල්ලො කියන දේවල්වලට වඩා ගොඩක් දේවල් අපිට කියන්න වෙයි.
මගේ මතය හැමදාම කියපු කෙනෙක්. මම විශ්වාස කරනවා ආණ්ඩුව හැටියට ශක්තිමත්ව ගෙනියන්න නම් කාටහරි ඉන්න බැරි නම් සියලු වරප්‍රසාද අරගෙන කෑගහන්නේ නැතුව එළියට යන්න ඕනේ. එහෙම නැත්තනම් ආණ්ඩුව එක්ක කටයුතු කරගෙන යන්න ඕනේ. දෙකෙන් එකයි තියෙන්නේ.
තුනෙන් දෙකේ බලයක් අපිට ඕනේ නෑනේ. චන්ද්‍රිකා නෝනා ආණ්ඩුවක් ගෙනිච්චා එක මන්ත්‍රී කෙනෙකුගෙන්. යන අය ඔක්කෝම ගියත් අපිට ඒක ගෙනියන්න පූළුවන්
Bloody Prasanna,
You go and hang yourself. You are one of the worst politicians in tbe government. I am sure you, your family and grand children will pay for this forever.