බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉඩම් අක්කරයම රුපියල් 500 යි – කෝප් කමිටුවේදී හෙළි වූ දේ

by Lanka Sara Editor
නොවැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ඔප්පු දශලක්ෂයක් ලබා දීමේ ව්‍යාපෘතියට 2018 වසරේදී බදවා ගත් සේවකයන් 214 ක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කොට ඇති බව පසුගිය දා පැවති පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී අනාවරණය විය. කැබිනට් අනුමැතියක් යටතේ ‍කොන්ත්‍රාත් පදනම මත මෙම බදවා ගැනීම් සිදු කර ඇති බවත් ඉන්පසු, 2014 වසරේ නිකුත් කරන ලද චක්‍රලේඛයක් පදනම් කර ගනිමින් මෙම පිරිස ස්ථිර කිරීමට ද කටයුතු කර ඇති බවත් මෙහිදි හෙළි විය.

ව්‍යාපෘතියක් සදහා බදවා ගත් පිරිසක් මෙලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ස්ථිර කිරීමේදී බලවත් වරදක් සිදුවී ඇති බවත් මෙම තත්ත්වය අනෙකුත් රාජ්‍ය ආයතනවලටද වැරදි පූර්වාදර්ශයක් සපයන බවත් කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පෙන්වා දුන්නේය. එබැවින් මේ පිළිබදව අමාත්‍යාංශ මට්ටමින් විධිමත් විමර්ශනයක් සිදුකොට පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත කෝප් කමිටුවට ලබා දෙන ලෙසත් මෙම තත්ත්වය නිවැරදි කිරීම සදහා වහාම පියවර ගන්නා ලෙසත් ඉඩම් අමාත්‍ය ලේකම් ආර්.ඒ.ඒ.කේ රණවක මහතාට කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2017, 2018 සහ 2019 වර්ෂයන් සදහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාව සදහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගියදා (17) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව පිහිටවූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඉඩම් පවරා ගැනීමේදී අත්පත් කර ගත් ඉඩම් ප්‍රමාණය සහ ඒ ඒ රජයන් කාලවලදී බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැතිවීම බරපතල තත්ත්වයක් බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේවන විට ඉඩම් අක්කර ලක්ෂ 17 කට ආසන්න ප්‍රමාණයක් කොමිෂන් සභාව සතු වන බවත් එම අගය නිවැරදිම අගය නොවන බවත් මෙහිදී අනාවරණය විය. ඉඩම් අත්පත් කරගැනීමේදී සහ විවිධ රජයන් යටතේ පවරාදීමේදී නිසියාකාරව මැනීමක් සිදුනොකිරීම එයට හේතුවී ඇති බව ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කොමිෂන් සභාව සතු ප්‍රධාන වත්කම වන මෙම ඉඩම් පිළිබද නිවැරදි දත්ත මෙන්ම තක්සේරුවක් කොමිෂන් සභාව සතුවීම අත්‍යවශ්‍ය බැවින් ඉඩම් නිවැරදිව මැන තක්සේරු කිරීමත් ඒ පිළිබදව නිශ්චිත පදනම් ලියවිල්ලක් සෑදීමත් අත්‍යවශ්‍ය බව කමිටුව පෙන්වා දුන්නේය. නවීන ඩ්‍රෝන තාක්ෂණය වැනි දෑ ඒ සදහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද අවධානය යොමු කරමින් ඒ පිළිබද කඩිනම් වැඩපිළිවෙලක් සකස් කොට කෝප් කමිටුවට දන්වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට මෙහිදි කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

නවීණ තාක්ෂණය භාවිතා කරමින් මෙම ඉඩම්වල දත්ත ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය. මේ වන සිදුවන විවිධ අක්‍රමිකතා ඇතුළු ගැටලු රැසකට එමගින් විසදුම් ලැබෙන බව කමිටුව පෙන්වා දුන් අතර ඒ සදහා කඩිනමින් මැදිහත්වන ලෙස ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

පවරා ගැනීමට අදාළ ඇතැම් ගොනු අස්ථානගතවී ඇති බවද ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය. මෙවැනි ගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇති බව මෙහිදී අනාවරණය විය. මේ පිළිබදවද වහාම සොයාබැලීමක් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. ජනතාවගෙන් පවරාගත් ඉඩම් වඩාත් ඵලදායිව යොදා ගැනීම වෙනුවට විවිධ පුද්ගලයන් අතට පත්වීම බරපතල ගැටලුවක් බැවින් මෙම තත්ත්වය නිවැරදි කර ගැනීම අතිශය වැදගත් බව කමිටුව අවධාරණය කළේය.

එසේම 1972 -1974 කාලයේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත අනුව පවරාගත් ඉඩම්වලින් පිඹුරුපත් හා ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම මත අක්කර 50 ක ප්‍රමාණය නිදහස් නොකළ ඉඩම් 260 ක් පවතින බවද මෙහිදී අනාවරණය විය. මේ අනුව වසර 50ක් තුළ ප්‍රමාද වූ මෙම ක්‍රියාවලිය ‍ඓතිහාසික ගැටලුවක්ව ඇති බැවින් විශේෂ කවුළුවක් විවෘත කොට ඉදිරි මාස 06 තුළ මෙම ප්‍රශ්නය විසදීම සදහා මැදිහත් වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට සහ ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට කමිටුව උපදෙස් ලබා දුන්නේය.

කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර ලක්ෂ 17 කට ආසන්න ප්‍රමාණයේ වටිනාකම ලෙස වසර ගණනාවකට පෙර සිදු කරන ලද තක්සේරුව රු. මිලියන 676 ක් ලෙස සදහන්ව තිබුණද එම අගය වර්තමානයේ නිවැරදිවිය යුතු බවද කමිටුව පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය අනුව අක්කරයක වටිනාකම රු.500 ක් පමණ වන බැවින් මෙම ගැටලුව වහාම නිවැරදි කරගැනීම සදහා මාස 06 ක් තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් සභාපතිවරයා ඉඩම් කොමිෂන් සභාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නේය.

එසේම කොමිෂන් සභාවේ ඉඩම් බදු දුන් පසු එම ඉඩම් බැංකුවලට උකස් කොට ණය ලබා ගැනීම ගැටලුවක් වී ඇති බවද මෙහිදී අනාවරණය විය. ව්‍යාපාරිකයන් තමා ලබා ගත් ඉඩම පවරා දීමේ කොන්දේසිවල සදහන් පරිදි කොමිෂන් සභාවේ අවසරය මත උකස් කොට ණය ලබා ගැනීමට ඇති හැකියාව මත මෙය සිදු වන බවත් මෙහිදී හෙළිවිය. එසේම ඇතැම් ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමෙන් පසු ඒවා ඵලදායි ලෙස යොදා ගන්නේ ද යන්නත් ගැටලුවක් බව සාකච්ඡා විය.

‍මෙහිදී අදහස් දක්වමින් කෝප් සභාපතිවරයා පැවසුවේ කොමිෂන් සභාව සතු වත්කම් ඉඩම් ප්‍රමාණය හදුනාගෙන එය ඵලදායි ලෙස සංවිධානය කර ගැනීම පිළිබද ආකෘතියක් පිළියෙල කිරීම මේ මොහොතේ කළ යුතු ප්‍රධාන කාර්යභාර්ය බවයි. මෙය ජාතික අවශ්‍යතාවක් බැවින් මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවයන් එක්කරමින් නිශ්චිත වැඩපිළිවෙලක් සැලසුම් කිරීම සදහා ඉදිරියේදී කමිටුව නැවත කැදවීමට අපේක්ෂා කරන බව ද මහාචාර්ය හේරත් මහතා පැවසීය.

අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර සහ මධුර විතානගේ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මා කළ හෙළිදරව්ව ඉන්දියාව තහවුරු කළා… මහින්දානන්ද සී.අයි.ඩී. ගෙන්වන්න… පාඨලී කියයි…

Next Post

සිරිලාල් කොඩිකාරයන් දිවි සැරියෙන් සමු ගනී!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.