බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මා කළ හෙළිදරව්ව ඉන්දියාව තහවුරු කළා… මහින්දානන්ද සී.අයි.ඩී. ගෙන්වන්න… පාඨලී කියයි…

by editor
නොවැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒම සම්බන්ධයෙන් අති විශාල වංචාවක් සිදුව ඇති බවට තමන් විසින් කරන ලද හෙළිදරව්ව සත්‍ය බවට දැන් සනාථ වී ඇති    බැවිනි වහාම මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කරන ලෙස සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාඨලී චම්පිකර රණවක පැවසුවේය.

ඩොලර් හයක වටිනාකමක් සහිත නැනෝ යූරියා ලීටරයකට ඩොලර් විසිපහක් ගෙවා ඇති ආකාරයත්, කැබිනට් අනුමිතීන් උල්ලංඝණය කර එය ගෙන්වූ ආකාරයත්,  මේ ශාපලත් ගනුදෙණුවෙන් එක් ගොවි පවුලකට රුපියල් අට දහස බැගින් ගෙවීමට හැකි මුදලක් වංචා කළ ආකාරයත් හෙළි දරවු කළ විට තමන්ව සී.අයි.ඩී. කැඳවූ මහින්දානන්ද අලුත්ගමගේ මේ වනවිට ඉන්දියානු පොහොර සමාගම විසින් කළ හෙළිදරව් කිරීම් නිසා නිරුවත් වී ඇති බැවින් ඔහුව   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා මේ ජාතික ධනය කොල්ල කෑ ආකාරය ප්‍රශ්න කළ යුතුව ඇතැයි මන්ත්‍රීවරයා  පෙන්වා දුන්නේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (19)  “නැනෝ යූරියා වංචාව හා අදාල ඉන්දීය සමාගම ඒ පිළිබඳ කරුණු දැක්වීම” සඳහා පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව කරයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ දැ පවසීය.

“2021.11.03 මා විසින් විපක්ෂ නායක කාර්යාලයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවේ දී මා හෙළි දරවු කළා ඔක්තෝබර් මස 18 වැනි දින කැබිනට් පත්‍රිකාවක් මගින් ඉන්දියාවෙන් නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒම සම්බන්ධයෙන් අති විශාල වංචාවක් සිදුවෙලා තියනවා කියලා.     ඒ පිළිබඳව කරන ලද හෙළිදරව්වෙන් පසු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  පාර්ලිමේන්තුවේ දී මට අවමන් සහගත ලෙස අපහාස කරමින් ප්‍රකාශයක් සිදු කළා.“

විශාල මාධ්‍ය ප්‍රචාරයක් ද ලබා දෙමින් මා කළ ප්‍රකාශය අසත්‍ය බවටත්, මෙහි තිබෙන්නේ නැනෝ නයිට්‍රජන් බවටත්, එලෙසම මෙහි වංචාවක් සිදුව නැති බවටත් අලුත්ගමගේ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනුකළා.“

“දැන්  ඉන්දියානු ගොවි පොහොර සමූපාකාර සමාගමේ තාක්ෂණ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අනිල් යාදව් මහතා ඊයේ මේ පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්වූවා. ඒ මාධ්‍ය හමුවේදී මවිසින් ප්‍රකාශ කරන ලද සියලුම කරුණු සත්‍ය බව ඔප්පු වෙන ආකාරයට එතුමා තමන්ගේ ප්‍රකාශය කළා. පළමුව මේ රසායනික පොහොර තහනම් කළා කිව්වට මේ ගෙන එන පොහොර දියරය පැහැදිලිවම නැනෝ තාක්ෂණයෙන් බිහිවෙච්ච රසායනික පොහොරක් මිස ස්වභාවික කාබනික පොහොරක් නොවන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වුණා. ඒක සම්පූර්ණ ඇත්තක්.”

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“නැනෝ තත්ත්වයේ පවතින දේ ස්වභාවික නොවන අතර ඒවා නිෂ්පාදනය කළ යුතුය. එවැනි නිෂ්පාදෛතයන් ස්වාභාවික පොහොරක් නොවන අතර එය අනිවාර්යයෙන් ම රසායනික පොහොරක්. මන්ද එය නිෂ්පාදනය කරන්නේ රසායනික ද්‍රව්‍ය හරහා යි.“

“මෙහි පොහොර මිලි ලීටර් පන්සීයක මිල ඉන්දියානු රුපියල් 240 ක් බව ඔහු ප්‍රකාශ කළා. මා කිව්වෙත් ඒකමයි. ලීටරයක් ඉන්දියානු   රුපියල් 480 ක් කියලා. එතකොට මේක වෙන්නේ ඩොලර් 06 කට ආසන්න ප්‍රමාණයක්.

නමුත් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා   මේ  ද පොහොර ගෙන එනවයි කියලා කැබිනට් මණ්ඩලයට පොරොන්දු වුණේ කලම්බු කොමර්ෂල් පොහොර සමාගම හරහා. නමුත් ඔහු මේක ගෙනාවේ වෙනත් පුද්ගලික පිරිසකගේ ට්‍රස්ට් එකක් හරහා. ඒ ගැන ප්‍රකාශ කරලා තියෙන කැබිනට් පත්‍රිකාවේ තියෙන්නෙ ඒකෙන් මිල ගණන් කැඳවනවා කියලා විතරයි.

ඊළඟට මේ පොහොර ලීටර් මිලියන 2.1 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 52 ක මුදලක් වැය කරන බව ඒ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක ලීටරයක්, ඩොලර් 25 කට ආසන්න මුදලක් තමයි ගෙන්නන්න යන්නේ. ඉතින් ඒ හරහා තමයි මේ මහා වංචාව සිද්ධවෙන්නේ. මං පෙන්නලා දුන්නා ගොවි පවුල් දස ලක්ෂයකට රුපියල් අටදාහ ගානේ ලබා දෙන්න තරම් වටිනා මුදලක් මේ සාපලත් පාලකයින් විසින් ගොවි ජනතාවගේ පොහොර තහනම් කරලා ලබාදීපු එම නැනෝ පොහොර වලින් කොල්ල කාගෙන ඇති බව.”

“මින්පසුව මතුවන සංකූලතා කෙසේ වෙතත් මේ චෝදනාව දැන් ඔප්පු වී හමාරය. ඒ නිසා රහස් පොලීසියට ගිය මහින්දානන්ද අලුත්ගමගේව දැන් රහස් පොලීසිය ප්‍රශ්න කළ යුතුය. කවුද මේ ජාවාරම පිටිපස්සේ හිටියේ? “

“මේ ඊනියා සමාගම සිය ගිණුම සකස් කරලා තියෙන්නේ   2021.10.18 වෙනිදාමයි. කැබිනට් පත්‍රිකාව ආපු දවසෙමයි. 19 වෙනිදාම මේ කටයුතු කරලා තියෙනවා. ඊට පසුව මේ ගිණුම වසා දමලා තියෙනවා. මේ වංචනිකයින් අත්අඩංගුවට ගත යුතුයි. තරාතිරම නොබලා රාජ්‍ය ඇමතිද, ඇමතිද, මීට සම්බන්ධ ඊට වඩා ඉහල ඇත්තෝද,.. ඒ සියලු දෙනාට  ය වහාම මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි ඉල්ලා හිටිනවා නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා.

ඒ වගේම මේ සම්බන්ධයෙන් අදාළ සමාගමෙනුත් අපි ඉල්ලා හිටිනවා… විශේෂයෙන්ම තමන් ගෙවන ලද මිල හරි හැටියට මේ රටට ලෝකෙට ප්‍රකාශ කළ යුතුයි. රජය මේ ගැන මැදිහත් නොවුනත් අනාගතය අනිවාර්යෙන්ම මේ දූෂිත වංචාවට එරෙහිව මේ රටේ ජනතාව, මේ රටේ ගොවි ජනතාව දැන් පෙළගැසිය යුතු බව, ඉතාම පැහැදිලියි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාරක රිය අනතුරක් කළ නීතිඥවරිය රිමාන්ඩ්…

Next Post

ඉඩම් අක්කරයම රුපියල් 500 යි – කෝප් කමිටුවේදී හෙළි වූ දේ

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.